කාන්තාවක් සහ ඇයගේ 13 හැවිරිදි දරුවා කපා කොටා ඝාතනය කිරීමේ ශෝකජනක සිදුවීමක් අම්පාර
දිස්ත්‍රික්කයට අයත් දමන පොලිස් බල ප්‍රදේශයේ වරාලන්ද ගම්මානයෙන් වාර්තා වේ.
ඊයේ අලුයම් කාලයේදී මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පරීක්ෂණ පවත්වන දමන පොලිස් ස්ථානයේ
නිලධාරීහු විශ්වාසය පළ කරති. මියගිය කාන්තාවගේ සැමියා යුද හමුදා නිලධාරියකු වන අතර පසුගිය යුද
සමයේදී ඔහු මියගොස් ඇත.
පසුව මෙම නිවෙසට ආ වෙනත් පුද්ගලයකු මෙම නිවෙසේ කාන්තාව සමඟ ජීවත් වූ බව පොලිස් පරීක්ෂණවලදී
හෙළිවී තිබේ.
මෙම සිදුවීම වූ දිනයේ මෙම පුද්ගලයා පැමිණ නිවෙසේ මත්පැන් පානය කර ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී
තහවුරු කරගෙන තිබේ.
මෙදින රාත්‍රි 1.30ට පමණ මියගිය කාන්තාවගේ අනියම් සැමියා වූ මේ පුද්ගලයා මියගිය කාන්තාවගේ
මවට දුරකථන ඇමතුමක් දී ඇය තමන්ට බැන වදින බව සැලකර තිබේ. ඉන් සුළු මොහොතකට පසුව මියගිය
කාන්තාව තම මවට කතා කර අනියම් සැමියා බීමතින් කරදර කරන බවත් හෙට පුතාට පාසල් යෑමට සිදු
නොවන බවත් පවසා තිබේ.
පසුව නැවත වතාවක් මියගිය කාන්තාවගේ මව දිගින් දිගටම දුරකථන ඇමතුම් ගනු ලැබුවත් ඇය එයට පිළිතුරු
දී නැත.
පසුදා උදෑසන එම නිවෙසට යාබද නිවෙසේ කතක් මියගිය කාන්තාවගේ පුතා පාසල් යෑමට නොපැමිණි
නිසා ඔහු පිළිබඳ විමසීමට ගොස් ඇති අතර නිවෙසේ ඉදිරිපස ෙදාර වසා දමා ඇති නිසා නිවෙස පිටුපසින්
ගොස් නිවෙසට ඇතුළු වී බලන විට එම කාන්තව සහ පුතා ලේ විලක් මැද වැටී සිටින අයුරු දැක තිබේ.
පසුව අසල්වැසියන්ට මේ බව පවසා දමන පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.
පසුව දමන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතා පැමිණ පරීක්ෂණ
ආරම්භ කර තිබේ.
මෙම මිනිස් ඝාතනය පිළිබඳව අපරාධ විමර්ශන නිලධාරීන් සහ දමන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන
අංශය මඟින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සෙවීමට කටයුතු කරන අතර පොලිස් ඇඟිලි සලකුණු ඒකකය මඟින් ඇඟිලි සලකුණු ගැනීම සිදුකර තිබේ. ඝාතකයා
දැනට මෙම ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි කියැවෙන අතර ඔහු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවකු
බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බී.ජී. දිනේෂිකා සඳමාලි කුලරත්න (33) සහ ඇයගේ පුතා වන එස්.ඒ. ශ්‍රී
මාල් සචින්ද්‍ර ලක්ෂාන් රූපසිංහ (13) යන දෙදෙනෙකි.
සිද්ධියට පෙරදා රාත්‍රියේ මියගිය කාන්තාව සමඟ ඇගේ අනියම් සැමියාත් ඊට යාබද නිවෙසක
පදිංචිකරුවනුත් මත්පැන් සාදය පවත්වා ඇති බව කියැවේ.
සාදය නිමා වීමෙන් අනතුරුව සියල්ලන්ම නින්දට ගොස් ඇති අතර සිද්ධිය වී ඇත්තේ ඊයේ අලුයම් කාලයේදී
බව පොලිසිය කියයි.
ඒ බව පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ උදෑසන කෑම සඳහා මියගිය කාන්තාව විසින් පිසින ලද බත්
හට්ටියක් පොලිස් නිලධාරීන් නිවෙසට යන මොහොත වනවිටත් ළිපේ තිබීමයි.
උදෑසන ඇතිවූ අඹුසැමි ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
සැකකරු යුද හමුදාවෙන් ඉවත් වූ පසු අම්පාර ප්‍රදේශයේ ගරාජයක ටයර් මාරු කරන්නකු ලෙස සේවය
කර ඇති බව කියන පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කියති.
අම්පාර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත දමන පොලිස්
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
0 Comments