australia-new-zealand-travel-bubble

නවසිලන්තය සමග පැවැති නිරෝධායනයෙන් තොර 'ට්‍රැවල්  බබල්" සංචරණ ක්‍රමවේදය අත්හිටුවීමට ඔස්ට්‍රේලියාව පියවර  ගෙන ඇතැයි වාර්තාවේ. පසුගියදා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරින් COVID-19 ආසාදිතයන් වාර්තා වී එම නගරය හුදකලා කිරිමේ තීරණයත් සමග මේ තීරණය ගෙන තිබේ. 

නවසීලන්තයේ විශාලතම නගරය ලෙසින්ද ඕක්ලන්ඩ් නුවර  සැලකෙයි.
 
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, පෝල් කෙලී පසුගිය ඉරිදා සිදුකළ හදිසි රැස්වීමකින් අනතුරුව මෙලස  නවසීලන්තයේ සිට සිදුකෙරෙන ගුවන් ගමන් සියල්ලම අත්හිටුවීමට තීරණය ගෙන ඇත. එහිදී නවසීලන්තය රතු කලාපයක් ලෙස නම් කෙරි ඇති අතර, සදුදා දිනයේ සිට පැය 72ක කාලයකට මෙම තහනම ක්‍රියාත්මක වෙයි.  මෙම තීරණය පිළිබදව අදහස් දක්වන ඔට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, "මෙහි ප්‍රතිඵලයක් විදියට මෙම කාලසීමාව තුළදී නවසීලන්තයේ සිට ගුවනින් ඔස්ට්‍රේලියාව වෙත පැමිණෙන සියලු දෙනාම හෝටලයක් තුළ දින 14ක නිරෝධායනයකට යටත් විය යුතු වෙනවා.” යනුවෙන් පවසා ඇත.