
පළමු ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා සිය මව සමඟ පාසලට යමින් සිටි සිසුවෙකු ලොරියකට යටවී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
බදුල්ල, අසේලපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වරුන් ප්‍රදීෂ් නමැති සිසුවා අද (15) උදෑසන මෙම අනතුර මුහුණ පා ඇත.
සිය මව සමඟ පාසලට යමින් සිටින අතර තුර සිසුවා පාසල ආසන්නයේදී ලොරි රථ ට ගැටී මෙම අනතුරට මුහුණ පා ඇත
ෂෙඩ් එකක සිට පාරට දමමින් සිටි ලොරියට දරුවා හා මව හසුව ඇති අතර දරුවා මියගොස් මවට තුවාල සිදුවිය. අනතුරින් තුවාල ලැබූ මව ද බදුල්ල මහා රෝහලට ඇතුළත් කර තිබෙයි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval