balangoda incident

බලන්ගොඩ සිතිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු නිවසේදී ගෙල ප්‍රදේශයට බෝතලයකින් ඇණ පෙරේදා (08දා) රාත්‍රියේ ඝාතනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.  50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. සිතිගල හන්දිය, රාස්සගල ,බලන්ගොඩ ලිපිනයේ පදිචි සිටි සිතිගලගේ සුමනසිරි (31) නමැත්තෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහුගේ බිරිද වෙනත් ප්‍රදේශයක ඇගලුම් කම්හලක සේවය කරන අතර

ඝාතනයට ලක්වන අවස්ථාවේදි නිවසේ සිට නොමැති බවට වාර්තා වේ.

ගෙල ප්‍රදේශයට බෝතලයකින් ඇණ බරපතළ තුවාල සිදු කිරීමත් සමග නිවස තුල අධික ලෙස රුධිරය වහනය වි ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත. අදාළ නිවසේ තවත් දෙදෙනකු කුලී පදනම මත නවාතැන් ගෙන සිටින බවටද පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අදාළ ඝාතනය සිදුවන අවස්ථාවේදී මරණකරුගේ  බාප්පාද එම නිවසේ සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට  ගෙන ඇත.


සැකකරුගෙන්   ප්‍රකාශ සටහන් කර  විමර්ශන සිදු කිරිමට  නියමිතව තිබේ. මේ පිළිබද ස්ථානීය මහේස්ත්‍රාත් පරික්ෂණය  බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා  විසින් ඊයේ (09දා) පෙරවරුවේ සිදු කළ අතර  පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ බලන්ගොඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.


-රෝහණ වසන්ත-