අමාත්‍ය බන්දුල ගුණවර්ධන යටතේ සේවය කරන වෙළෙද අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට Covid -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ඇත.
ඊයේ (31) පස්වරුවේ සිදුකළ PCR පරීක්ෂණයක ප්‍රතිඵල ධනාත්මකවීම නිසා භද්‍රානි ජයවර්ධන මහත්මිය මේ වන විට රෝහල් ගත කර ඇති අතර ඇයගේ කාර්යාලය ද තාවකාලිකව වසා දමා ඇත.
පසුගිය දින කිහිපය තුළ අමාත්‍යවරයා අමාත්‍යංශය වෙත පැමිණ නොමැති නිසා භද්‍රානිගේ ආශ්‍රිතයෙකු නොවිය හැකි යයි කියා තිබේ.
මේ අතර දැනට ආසාදිතයෙකු වී තිබෙන රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකුද කොරෝනා ආසාදිත වි
ඇති බව අද දින ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දන්වා තිබේ.
මෙසේ කොරෝනා ආසාදිත වි ඇත්තේ ආණමඩුව තළාකොලවැව පදිංචි පොලිස් සැරයන් වරයෙකි.
රාජ්‍ය ඇමතිවරයා කොරෝනා ආසාදිත විමත් සමග අදාල පොලිස් සැරයන්වරයා නිරෝධායනයට ඔහුගේ නිවසේ නිරෝධායනයට යොමු කර සිටියදි සිදුකල ජෛව පටල පරික්ෂණයකින් පසු මොහු ආසාදිත බවට සනාථ වි ඇත.
0 Comments