වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය කොවිඩ් _ 19 ආසාදිත වූ බව තහවුරු වීමත් සමඟ වෙළෙඳ ඇමැති
ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (01දා) උදෑසනම හය වැනි වරටත් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු
වූ බවත් එම පරීක්ෂණ වාර්තාවට අනුව ආසාදිත නොවන බව තහවුරු වී ඇති බවත් කියයි.
විවිධ රාජකාරි කටයුතු සිදුකිරීමේදී හමුවන පුද්ගලයන් කොවිඩ් _ 19 ආසාදිත බවට විවිධ අවස්ථාවලදී
තහවුරු වීම හේතුවෙන් මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණය සඳහා තමා අවස්ථා පහකදී යොමුවූ බවත් ඒ සෑම
අවස්ථාවකදීම එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ආසාදිත නොවන බැව් තහවුරු වූ බවත් ඇමැති ආචාර්ය
බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
මේ වනවිට වෙළෙඳ අමාත්‍යාංශය මුළුමනින්ම විසබීජහරණය කොට යථාවත් කිරීම ආරම්භ කර ඇති අතර
එතෙක් රාජකාරි කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ සිට සිදුකරන බව සඳහන් කරන ඇමැති බන්දුල
ගුණවර්ධන, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු ආසාදිත සියල්ලන්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා
කරන අතර සියල්ලන්ගේම යහපත පිණිස සියලුදෙනාම සෑම සෞඛ්‍යාරක්ෂක පිළිවෙතක්ම අනුගමනය කිරීම
අත්‍යවශ්‍ය කරුණක් බව මේ මොහොතේදී සිහිපත් කරන බවත් සඳහන් කරයි.
0 Comments