කොරෝනා වෛරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් සහ ඉන්දියාවේ නිෂ්පාදිත භාරත් බයෝටෙක් එන්නත් මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට මේ වනවිට ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
මින් ඉහත ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදුන්නේ එංගලන්ත ඔක්ස්රේඩ් සහතිකය සහිත ඉන්දියාවේ නිෂ්පාදිත සාර්ථක බවට පිළිගැනෙන එන්නත වන නමුත් මෙම ස්පුට්නික් සහ භාරත් බයෝටෙක් එන්නත් දෙකම තවම සාර්ථක බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පිලිගෙන නැත.
විශේෂයෙන්ම ඉන්දීය දේශීය නිෂ්පාදනයක් වන භාරත් බයෝටෙක් සමාගමේ එන්නත එරටදී අනුමැතියට ලබාදීම සම්බන්ධයෙන් එරට වෛද්‍යවරුන් පවා විරෝධය එල්ල කර තිබුණි.
ඉන්දියාව විදේශ විනිමය ඉපැයීමේ උපායක් ලෙස තම පර්යේෂණ මට්ටමේ එන්නතට හදිසි අනුමැතියක් දී නිෂ්පාදනය අසල්වාසී රටවල් වලට අලෙවි කිරීමට කැමැත්තෙන් සිටි.
තම එන්නත් අලෙවි ව්‍යාපාරය සඳහා අසල්වාසී රටවල් එකතු කරගැනීමේ පූර්ව උපායක් ලෙස මුලදී සාර්ථක එන්නතත් දෙවනුව අත්හදාබලන එන්නතත් ඉන්දියාව යොමු කරනු ඇති බවට විවේචන එල්ලවී තිබුණි.
මෙම එන්නත් මෙරට තුළ හදිසි භාවිතය සඳහා පවතින යෝග්‍යතාව සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙන අතර මීට පෙර ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කර තිබූ ඔක්ස්ෆඩ් - ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් ක්‍රමවේදය යටතේම ස්පුට්නික් සහ භාරත් බයෝටෙක් එන්නත් සම්බන්ධයෙන්ද අධ්‍යයනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව දන්වා ඇත.
0 Comments