bill-gates-speaks

ලොව පිහිටි පොහොසත් රටවල් සියල්ලම පාහේ ඉදිරියේදී 100%ක්ම කෘත්‍රිම ගවමස් පරිභෝජනයට යොමු යුතු බව මයික්‍රොසොෆ්ට් සමාගමේ නිරිමාතෘ බිල්ගේට්ස් පවසයි. ඒ හරහා ලොව සිදුවන දේශගුණික විපර්යාස වළක්වා ගත හැකි බව ඔහුගේ අදහස වී තිබේ.

බිල්ගේට්ස් විසින් රචනා කරන ලද අලුත්ම ' ග්‍රන්ථය වන "How to avoid a climate disaster" නම් ග්‍රන්ථය තුළ මේ බව සඳහන් කර ඇත.විශේෂයෙන්ම ලොව පොහොසත් රටවල ගවමස් අවශ්‍යතාව වෙනුවෙන් වන ගවයන් ඇති කිරීම සඳහා රටවල්. රැසක දරුණු වනාන්තර විනාශයක්.සිදු කෙරෙමින් පවතී. එහි ආසන්නතම උදාහරණය වන්නේ බ්‍රසීලය තුළ ගව පාලනය සඳහා සිදුකෙරෙන වනාන්තර විනාශයයි. බ්‍රසීලය යනු යුරෝපය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල ප්‍රධානතම ගවමස් සැපයුම්කරුවාද වෙයි."මේ කෘත්‍රිම මස්වල රස වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කාලයත් සමග එහි රස හොඳ වේවි.”බිල්ගේට්ස් පවසයි.



මෙලෙස ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදීම සඳහා සිදුකරන වනාත්තර විනාශය නිසා ඇතිවන දේශගුණික විපර්යාස මැඩපැවැත්වීමට නම් රෙගුලාසි පැනවීමක්.හෝ, එසේත් නැත්නම් මෙම ඉල්ලුම වෙනස් කළ යුතු බවත් ඔහුගේ අදහස වී ඇත.විශේෂඥයන් පවසන ආකාරයට මෙම ගව පාලන බිම් නිසා සිදුවන අහිතකර වායු විමෝචනය ෆොසිල ඉන්ධන නිසා සිදුවන වායු විමෝචනයට වඩා ඉහළ බවත් සඳහන් වී තිබේ.