පානදුර පල්ලිමුල්ල හන්දියේදී ඉකුත් 25 වැනි දින ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයකුට වෙඩි
තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරුපැදිය බොල්ගොඩ ගඟේ උෟරකඩුව තොටුපළ
ආසන්නයේ ගිල්වා තිබියදී පෙරේදා (30දා) සොයාගත් බව පානදුර උතුර පොලිසිය කියයි.
යතුරුපැදිය සොයා ගන්නා විට එහි ඉන්ධන ටැංකිය, ආසනය ඇතුළු තවත් උපංග රැසක් ගලවා තිබූ අතර
යතුරුපැදියේ චැසි අංකය හා එන්ජින් අංකය මකා දමා තිබූ බව පොලිසිය සඳහන් කරයි. ඉකුත් විසි පස්
වැනිදා ඝාතනයට ලක් වූ පානදුර වලාන ගැමුණු මාවතේ පදිංචිව සිටි ලක්ෂාන් සඳකැළුම් නමැත්තා තවත්
පුද්ගලයකු සමඟ ත්‍රිරෝද රථයකින් මොරටුවේ සිට පැමිණ පල්ලියමුල්ල හන්දියේ නතර කර සිටියදී
යතුරුපැදියකින් පැමිණි
සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න
මහතාගේ මූලිකත්වයෙන් විමර්ශන ආරම්භ කළ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඝාතනය සඳහා පැමිණි
වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් සලසා දුන් බව කියන පානදුර තන්තිරිමුල්ල ගඟුල පාර පදිංචි 24
හැවිරිදි පුද්ගලයකු පානදුර හිරණ පාරේ විහාරස්ථානයක් ආසන්නයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටියදී
හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2100ක්, මත්කුඩු එතීමට ගන්නා රැපින් කොළ 502ක්, මුදල් හුවමාරු කිරීම
සඳහා යොදාගත් බැංකු පොත් කිහිපයක් සමඟින් ඉකුත් 28 වැනි දින අත්අඩංගුවට ගෙන තිබිණි.
එම ඝාතනය සඳහා යොදා ගත් බව කියන ගිනිඅවිය වඳුරාමුල්ල සුසාන භූමියක කැලෑබද පෙදෙසක තිබියදී
ජීව උණ්ඩ දාසයක් සමඟ සොයා ගැනිණි.
බොල්ගොඩ ගඟේ ගිල්වා තිබියදී සොයාගත් යතුරුපැදියේ අදාළ නිෂ්පාදන සමාගම විසින් අලවා තිබූ
ස්ටිකරයක් හමු වූ බවත් ඒ ඔස්සේ යතුරුපැදියේ ලියාපදිංචි අපරාධකරු සොයා ගැනීම සඳහා කටයුතු කරන
බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් දුන් බව කියන පුද්ගලයා අධිකරණයෙන් ලබාගත් දින හතක කාලයක
රැඳවුම් නියෝග මත රඳවා තිබෙන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. බස්නාහිර පළාත භාර
ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පානදුර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි
සංජය ඉරසිංහ, ගල්කිස්ස කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේමරත්න, පොලිස් අධිකාරි
උදය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් මත පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්ෂක ගිනිගේ මහතා පරීක්ෂණ පවත්වයි.
කොළඹ - ජයසිංහ
0 Comments