පෙම්වතියගේ මිත්තණිය පෙමට හරස් වූවා යැයි තරුණයෙක් ඉකුත් 29දා තිදරු කාන්තාවකට පිහියකින් ඇන
ඝාතනය කොට ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාවනැල්ල පොලිස් වසමේ රණවිරු මාවතේ පදිංචිව සිටි දේවතා පේඩිගේ නන්දා
පියසීලි නමැති 64 හැවිරිදි තිදරු මවකි. ඝාතනයට ලක්ව ඇති කාන්තාවට ගැහැනු දරුවන්ම තිදෙනෙක්ම සිටින බවත් ඔවුන් විවාහ වී වෙනම පදිංචිව
සිටින බවත් ඝාතනයට ලක්ව ඇති කාන්තාව පමණක් මහ ගෙදර නිවෙසේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය
කියයි. ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ වැඩිමහල් දියණියද අසල නිවෙසක පදිංචිව සිටින අතර ඇගේ
වැඩිමල් දියණිය සමඟ අල්ලපු වැටේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් කලක සිට සම්බන්ධතාවක් පවත්වා ඇති
බවත් පොලිසිය කියයි. මෙම සම්බන්ධතාවට මියගිය කාන්තාව තදින්ම විරුද්ධතාව ප්‍රකාශ කර ඇති බවත්
පොලිසිය කියයි. තවද සැකකරුගේ මවුපියන් සමඟ වැට මායිමක් සම්බන්ධයෙන්ද ඝාතනයට ලක්ව ඇති
කාන්තාව ගැටුමක් පැවැති බවත් මෙම ගැටලු දෙක සම්බන්ධයෙන් ඝාතනයට ලක්ව ඇති කාන්තාව
මාවනැල්ල පොලිසියට අවස්ථා තුනකදී පැමිණිලි කර අවස්ථා දෙකකදීම මාවනැල්ල මහෙස්තාත් අධිකරණයට
කරුණු වාර්තා කර තිබූ බවත් පොලිසිය කියයි. පසුව ඝාතනයට ලක්ව ඇති කාන්තාව නිවෙස වසා දමා
වැඩිමහල් දියණියගේ නිවෙසේ පදිංචිව සිට ඇති බව පොලිසිය කියයි.
ඉකුත් 29දා මෙම තිදරු මව දේවතා පේඩිගේ ලලිතා රෝහිණි හා පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි
චන්ද්රාලතා නැමැති දෙදෙනා සමඟ මහ ගෙදර නිවෙසට පැමිණ නිවෙස පිටුපස මිදුලේ වගා කර තිබූ
කහ පඳුරු කිහිපයක් පෙරවරු
11.30 ට පමණ පිහියකින් ගලවමින් සිටියදී සැකකරු කැලයක් මැදින් පැමිණ තියුණු ආයුධයකින් පෙම්වතියගේ
මිත්තණියගේ පපුවට ඇන ඇයගේ සොහොයුරිය වන ලලිතා රෝහිණී නමැත්තියගේ හිසට කොටා අරණායක පිහිටි
පියාගේ බාල සහෝදරියකගේ නිවෙසට ගොස් ඇති බවත් පොලිසිය කියයි. සිද්ධියෙන් එම කාන්තාව එතැනම
මියගිය අතර තුවාල ලත් ඇගේ සොහොයුරිය කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. පසුව සැකකරු මාවනැල්ල
පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම සැකකරු මත්ද්‍රව්‍ය පානය කිරීම හේතුවෙන්
යම් මොළයේ ඇතිවූවා යැයි කියන අසාත්මිකතාවක් හේතුවෙන් අංගොඩ මානසික රෝහලේ මාස 6කට වැඩි
කාලයක් ප්‍රතිකාර ලබා ඇති බවත් පොලිසිය කියයි.
පසුව මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික විමර්ශන කටයුතු
සිදුකර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා සැකකරු සමඟ අධිකරණයට ඉදිරිපත් කරන
ලෙස නියෝග කෙරිණි. දේහය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි
වෛද්‍ය සමන්ත වීජේරත්න මහතා විසින් සිදු කර තිබුණු අතර තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමක් බවට
වාර්තා කර තිබිණි.
පසුව සැකකරු වන මාවනැල්ල රණවිරු මාවතේ පදිංචි වික්රමපේඩිගේ ආකාෂ් සමිදු ගුණවර්ධන නැමැති 18
හැවිරිදි සැකකරු මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (30දා) ඉදිරිපත් කිරීමෙන් පසුව
පෙබරවාරි 12දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි.
කෑගල්ල කොට්ඨාස ෂේයෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී කීර්තිරත්න, සහකාර පොලිස් අධිකාරි කමල් පෙරො
යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මාවනැල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක
නන්දන කුමාර, අපරාධ විමර්ශන වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර, උප පොලිස්
පරීක්ෂක ගුණදාස, පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර (28039), සමරසිංහ (32347), ලයනල්
(48780), පොලිස් කොස්තාපල් ධර්මසේන (43942), රංජිත් (67409) කෑගල්ල කොට්ඨාස අපරාධ
ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිමඩුගේ, පොලිස් පරීක්ෂක
තිලකරත්න, පොලිස් සැරයන්වරුන් වන සිරිමාන්න (32928) වසන්ත (34165) යන නිලධාරීහු විමර්ශන
කටයුතු සිදුකළහ.
දමුණුපොළ - චමින්ද ජයලත්, කැගල්ල - බණ්ඩාර මද්දුමගේ
0 Comments