
මාරවිල ප්‍රදේශයේ පදිංචි කෝටිපති ජර්මන් ජාතිකයකුගේ ශ්‍රී ලාංකික බිරිය සහ සිවු හැවිරිදි පුතා අභිරහස් ලෙස අතුරුදන් වීම සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සහ මාරවිල මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.ඉකුත් ජනවාරි මස 1 වැනිදා සිට එම ජර්මන් ජාතිකයාගේ ශ්‍රී ලාංකික බිරිය සහ දරුවා අතුරුදන්ව සිටින අතර ඔවුන් දෙදෙනා පිළිබඳව මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නැතැයි
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.මෙසේ අතුරුදන්ව ඇත්තේ නදීෂා ගුණන්සේකර නමැති 35 හැවිරිදි කාන්තාව සහ ඇයගේ සිවු හැවිරිදි පුත්‍රයාය.අතුරුදන්ව සිටින නදීෂාගේ ජර්මන් ජාතික 65 හැවිරිදි සැමියා මාරවිල හා මඩකළපුව ප්‍රදේශවල පිහිටි හෝටල් කිහිපයක හිමිකරුවකු බව ද කියති. මෙම දෙදෙනා අතර මාස කිහිපයක සිට ආරවුල් පැවැති බවට තොරතුරු හෙළිවී ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. මෙම මව සහ පුතුගේ අභිරහස් අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජර්මන් ජාතික සැමියා හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට හෙට (24) කැඳවා ඇතැයි ද එම පොලිස් නිලධාරියා කීය.
මේ සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ ද පරීක්ෂණ පවත්වාගෙන යන බව පොලිසිය කියයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval