අභාවප්‍රාප්ත හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (15දා) කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කළේය.
කෝවිඩ්-19 වෙරසය ආසාදනය වී කොළඹ අයි.ඩී.එච්. රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පෙරේදා (14)දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මියයන විට වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා 79 වැනි වියේ පසු වුණේය.2004 වසරේ සිට 2010 වසර දක්වා මෙරට පාර්ලිමේන්තුවේ. කථානායකවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා 2010 වර්ෂයේ පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද කටයුතු කළේය.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 1977 වර්ෂයේ පාර්ලිමේන්තුවට පැමිණි වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා1989 වර්ෂයේ පැවැති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ සංස්කෘතික කටයුතු, අධ්‍යාපන හා මාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබේ.2001 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිට වූ අතර, එම ආණ්ඩුවේ නීති ප්‍රතිසංස්කරණ, ජාතික ඒකාබද්ධතා සහ බුද්ධ ශාසන කැබිනට් අමාත්‍ය ධුරයේද ඒ මහතා කටයුතු කළේය.
0 Comments