හැටන් - නුවරඑළිය ප්‍රධාන  මාර්ගයේ කුඩාගම  ප්‍රදේශයේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියෙකු නිසා තම පිවිතවලට දැඩි අවදානමක් එල්ල වී ඇති බව හැටන් කුඩාගම ප්‍රදේශවාසීහු පවසති. දිනපතා රාත්‍රී කාලයේ  කඳුකර කොටියා ප්‍රධාන මාර්ගය හරහා ගම්මානයට පිවිසෙන බවත්,
එසේ පිවිසෙන කඳුකර කොටියන් තම නිවාසවල සුරතලේට ඇති කරන සුනඛයින් ගොදුරු වශයෙන් රැගෙන යන බවද ඔවුහු පෙන්වා දෙති.


හැටන් කුඩාගම අවට තේ වතු සහ රක්ෂිතවල සැරිසරන කොටි ගම්මානයට පිවිසෙන බවත්, මේ වනවිට නිවාසවල සුරතලේට ඇති කරන සුනඛයින් විශාල පිරිසක් කඳුකර කොටින් ගොදුරු වශයෙන් ඩැහැගෙන ගොස් ඇති බවද ප්‍රදේශවාසීහු පවසා සිටිති. කුඩාගම ප්‍රදේශයේ සැරිසරන කඳුකර කොටින් අල්ලා සුදුසු රක්ෂිතවලට මුදාහැරීමට කටයුතු කරන ලෙසට ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


-රංජිත් රාජපක්ෂ-