
අඟහරු මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා ගමන් ගන්නා පර්සිවියරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩබස්වා තිබේ.
මෙරට වේලාවෙන් අද අලුයම 2.30ට පමණ පර්සවේරන්ස් රෝවරය අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්වීම සිදු කෙරිණි.
මෙම රෝවරය නාසා ආයතනය විසින් 2020 ජූලි මස 30 වැනි දා අඟහරු ග්‍රහලොව බලා දියත් කරවීම සිදු කළේය.
අඟහරු මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.
රෝවරය අති නවීන ගවේෂණ උපකරණවලින් සමන්විත වන අතර එය ගොඩබසින ජෙසීරෝ ක්‍රැටර් (Jezero Crater) ප්‍රදේශය අතීතයේ අඟහරු මත ජලය පැවැති ප්‍රදේශයක් බවට ප්‍රබල සාක්ෂි ලැබී ඇති ප්‍රදේශයක්ය.
කැමරා 20ක්, මයික්‍රොෆෝන 2ක්, පොළව අභ්‍යන්තරය සිදුරු කළ හැකි උපාංග හා ඩ්‍රෝන යානයක් මේ මෙහෙයුමට අන්තර්ගත කර තිබේ.
ටොන් එකක බරින් සහ සාමාන්‍ය ප්‍රමාණයේ මෝටර් රථයක් තරම් විශාල මෙම අධි තාක්ෂණික රෝවරය කුඩා ඩ්‍රෝන යානයකින්කින්ද සමන්විතයි.
පෘථිවියෙන් එපිට ග්‍රහලොවක දී පළමු වරට ඩ්‍රෝන යානයක් පියාසර කරවීම, අඟහරු ග්‍රහලොවෙහි දී පළමුවරට ශබ්ද පටිගත කිරීම මෙම මෙහෙයුමෙහි විශේෂ ක්‍රියාකාරකම් අතර වේ.
නාසා ආයතනය සඳහන් කරන්නේ මෙම රෝවරය ඉදිරි වසර දෙකේදී අඟහරු ග්‍රහයාගේ ජීවය පිළිබඳ සාක්ෂි සෙවීමේ නිරත වනු ඇති බවයි.



Comments
Post a Comment
Your comment will be visible after approval