නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ නිර්මාතෘ, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනාවෛරසය
ආසාදනය වී තිබේ. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කොරෝනාවෛරසය
ආසාදනයවීම හේතුවෙන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර
සඳහා අද (2) අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බවය.


ඒ අනුව, ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොවිඩ්-19 පැතිරීම
වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර, බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට ද කොරෝනවෛරසය ආසාදනය වී තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඔවුන්ගේ පළමු පෙළ
ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවය.

ප්‍රියාශා හෙට්ටිහේවා, තාරක සම්මාන්