බස්නාහිර පළාතෙන් පිටත ප‍්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ ශීඝ‍්‍ර ඉහළ යෑමක් දක්නට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. කොරෝනා වෛරසය ආසාදිත බවට පෙරේදා (06 වැනිදා) හඳුනාගත් ආසාදිතයන් 726 අතරින් වැඩිම ආසාදිතයන් පිරිසක් බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී තිබිණි. එම සංඛ්‍යාව 197 ක් වූ අතර එම තත්ත්වය පෙන්වා දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මේ බව සඳහන් කළේය.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු මෙරට තුළ රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ රෝගීන් අතරින් තවත් 807 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අංශ අංශය ඊයේ (07 වැනිදා) සඳහන් කළේය. එම පිරිසත් සමග කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට තුළ රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 63401 දක්වා ඉහළ ගියේය. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ අටක් පෙරේදා වාර්තා වී තිබුණු අතර එම මරණත් සමග මෙරට තුළ සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 351 දක්වා වැඩි විය. පවතින වසංගත තත්ත්වයත් සමග කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 362 දෙනකු හඳුනාගත් බව ජාතික කොරෝනා මර්දන ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය ඊයේ සවස 5.50 පමණ වන විට නිවේදනය කළේය.
එම ආසාදිතයන් පිරිසක් සමග මෙරට තුළ මේ දක්වා හඳුනාගත් ආසාදිතයන් පිරිස 68938 ක් බවට පත්විය. ගම්පහ පොදු වෙළෙඳ පොළේ වෙළෙන්දන් 58 දෙනකුට සිදුකළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිතයන් 18 දෙනකු හඳුනා ගැනීමත් සමග පොදු වෙළෙඳපොළ වසා දැමීමට සෞඛ්‍ය අංශ ඊයේ පියවර ගනු ලැබීය. මෙම තත්ත්වයත් සමග පොදු වෙළෙඳපොළ අවට පිහිටි අනෙකුත් වෙළෙඳ සල්වල හිමිකරුවන් සහ සේවකයන් පී. සී. ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුභාෂ් සුබසිංහ මහතා අවශ්‍ය පියවර ගෙන ඇත. මේ අතර ඉකුත්දා පැවති නිදහස් දින උළෙලට සහභාගි වී ගල්කිරියාගම පිහිටි සිවිල් ආරක්ෂක බළකා උසස් පුහුණු පාසලේ නිරෝධායන වෙමින් සිටි සෙබළුන් හය දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා විය.
එහි නිරෝධායනයට ලක් කර සිටි 140 ක පමණ පිරිසක් අතරින් රෝගී වූ නිලධාරීන් හත්දෙනකු දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදු කළ පරීක්ෂණ වලදී හයදෙනකු ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
එම පාසලේ 07 ශ්‍රේණියේ සහ 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසකට මෙසේ වෛරසය ආසාදනය වී ඇති අතර සියලූම ආසාදිතයන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. ඔවුන්ගේ ආශ‍්‍රිතයන් හඳුනාගැනීම සඳහාද පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ අතර රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තබන කාලය දින 14 සිට දින 10 දක්වා අඩු කිරීමටද සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ පුද්ගලයකුගේ ජෛව සාම්පල ලබා ගත් දිනයේ සිට දින 10ක කාලයක් ඉදිරියට අදාළ දින 10 ගණනය කෙරේ. මේ අතර මොරවක පිටබැද්දර ප‍්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයන් අට දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ද සෞඛ්‍ය අංශ ඊයේ හඳුනාගෙන තිබිණි.
විවාහ උත්සවයේ මනාලයාටද වෛරසය ආසාදනය වී ඇතැයි මෙහිදී අනාවරණය වී ඇති අතර එම විවාහ උත්සවය පැවති උත්සව ශාලාවේ පුද්ගලයන් සිව්දෙනකුට කොරෝනා වෛරස ආසාදනය වීමෙන් පසු මහා මංගල උත්සවයට පැමිණි පිරිසට සිදුකළ පී. සී. ආර් පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් අට දෙනා හඳුනාගෙන ඇත.
0 Comments