
රුපියල් බිලියන 1.43 ක මූල්‍ය වංචාවක් සිදු කළා යයි සැකපිට මාධ්‍යවේදී සහ ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් අත්අඩංගුවට පත්ව ඇති අතර අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව පෙබරවාරි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (11) නියෝග කර තිබේ.
2019 මාර්තු මාසයේදී ව්‍යාපාරික චන්ද්‍රා ෂාෆ්ටර් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බ්‍රයන් තෝමස් මහතාව ඊයේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පැමිණිල්ලෙන් ෂාෆ්ටර් චෝදනා කරන්නේ ඇඟලුම් සමාගමක තැරැව්කරුවකු ලෙස පෙනී සිටිමින් තෝමස් මහතා රුපියල් බිලියන 1.43 ක මුදලක් වංචා කර ඇති බවකි.
ඩැවිදුර විභාගය ඉදිරියට සිදුවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval