පෞද්ගලික බස් හිමියන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් සේවා වැඩ වර්ජනය ලබන අඟහරුවාදා දක්වා අත්හිටවූ බව ගැමුණු විජේරත්න පවසයි.
පෞද්ගලික බස් වර්ජනය සතියකින් කල් දැමීමට අනෙක් බස් සංගම්ද තීරණය කර තිබෙයි.
බ්‍රහස්පතින්දා වනවිට මගී බස් කර්මාන්තයට බලපාන ගැටලු විසඳීමට ඇමතිවරයා පොරොන්දුවක් ලබාදුන් බවත්, එම පොරොන්දුවට අනුව වර්ජනය කල් දැමීමට තීරණය කළ බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතාද පවසා තිබේ.
පෞද්ගලික බස් රථවල ලීසිං පොලී අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කිරීමට බස් සංගම් සූදානමින් සිටියේය.
පෞද්ගලික බස් වර්ජනය ක්‍රියාත්මක වුවහොත් මගී ජනතාව මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීමේ අරමුණින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අද සිට නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමටද රජය තීරණය කළේය.
0 Comments