
බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ 06 ශ්‍රේණියේ දැරීයකට හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් බුත්තල රෝහලටත් එතැනින් මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ පෙට්ටගම්වෙල හතරමං හන්දිය බුත්තල ලිපිනයේ පදිංචිව සිටි පී.ආර්. ගෙමින්දි මලිෂා (අවු.12) නමැති දැරීයකි. දහවල් ආහාර ගැනීමෛන් පසු සවස පන්ති ආරම්භ වූ අවස්ථාවේදී ක්ලාන්තය ගතියක් ඇතිවූ වහාම ඇයගේ මිතුරියන් විසින් මේ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කර ප්‍රථමාධාර ලබාදෙන අතරතුර දැරීය ලබාදුන් දුරකථන අංකයට කතාකර ඇයගේ මවද පාසලට කැඳවාගෙන තිබේ.
ඒ අතර 1990 ගිලන් රථ සේවයට ඇමතුම් රැසක් ලබාගෙන ඇතත් එය ප්‍රමාද විම හ
මේ සම්බන්ධයෙන් අප මොනරාගල රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි ආර්.එම්. එස්. රත්නායක මහතාගෙන් කළ විමසීමකදී පවසා සිටියේ , කිසියම් සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවත්, දැරියගේ පී.සී. ආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවත් එහි ප්‍රතිඵල අනුව මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් ලැබෙන වෛද්‍ය වාර්තාවලින් පසුව මියයාමට හේතුව නිශ්චිතවම කිව හැකි බවත්ය. පෙරේදා (01) සවස සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට වැල්ලවාය කලාප කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්. සෝමපාල හා බුත්තල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ කොට්ඨාස අධ්‍යානපන අධ්‍යක්ෂ තුසිත බණ්ඩාර, දුටුගැමුණු ජාතික පාසලේ විදුහල්පති ඩබි.එම්. සෙනවිරත්න ඇතුළු අධ්‍යාපන නිලධාරින් පිරිසක්ද සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා මොණරාගල රෝහලටත් දැරියගේ නිවසටත් පැමිණ සිටියහ.
-අයි.ආර්. ඉන්දික-
Comments
Post a Comment
Your comment will be visible after approval