
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් එම
තනතුරෙන් හදිසියේ ඉල්ලා අස්වී තිබේ.
ඔහු මෙම ඉල්ලා අස්වීම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා රටින් පිටත්ව යාමට පැය කිහිපයකට
පෙර භාර දීම විශේෂත්වයකි.
කොදෙව් සංචාරයට ද තමන් සහභාගි නොවන බව ඔහු දැනුම් දී තිබේ.
ඔහුගේ මෙම ඉල්ලා අස්වීම 'හදිසි සහ වගකීම් රහිත ක්‍රියාවක්' බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
හඳුන්වා තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දීර්ඝ කාලයක් වේග පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළ චමින්ද වාස් ජාතික
කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත් කරන ලද්දේ, පසුගිය 19 වන දා ය.
ඒ, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ්
සේකර්ගේ ඉල්ලා අස්වීමෙන් පසුවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වැටුප් සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙන
චමින්ද වාස් ඉල්ලා අස්වූ බවය.
විදෙස් පුහුණුකරුවන්ට කරන ගෙවීම්වලට සාපේක්ෂව දේශීය පුහුණුකරුවන්ට ද ගෙවීම් කළ යුතු බව චමින්ද වාස්
ඉල්ලීමක් කර තිබිණි.
කුමුදු ජයවර්ධන
Comments
Post a Comment
Your comment will be visible after approval