china-india

පෙර රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් සඳහා  ඉන්දියාව සහ ජපානය සමග සහයෝගීතා ගිවිසුමකට පසුගිය මැයි මාසයේදී අත්සන් කරනු ලැබීය. මෙම ගිවිසුමට අනුව නැගෙනහිර පර්යන්තය හිමිකාරීත්වය 51% ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර ඉතිරි  49% ක ප්‍රමාණය ඉන්දීය සමාගමක් වන "අදානි" සමාගමට හා ජපානයට හිමිවීමට නියමිතව තිබිණි.
නමුත් වෘත්තීය සමිති ගෙනගිය විරෝධතාවයන් හේතුවෙන් එම ගිවිසුම නැවැත්වීමට සිදුවූ අතර වත්මන් රජය පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා, ඉන්දීය සහ ජපාන ත්‍රිපාර්ශවික ගිවිසුම අහෝසි කරමින් නැගෙනහිර පර්යන්ත සංවර්ධන කටයුතු සිදු කිරීමට පියවර ගැනුණි.
මෙවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා රජය, චීනයට කොළඹ වරාය තුළ කටයුතු කිරීමට අවසර ලබා දීම පිළිබඳව ඉන්දියානු රජය දැඩි අප්‍රසාදය පළ කෙරී ය.

මීට පෙර 2016 වසරේදී ලොව කාර්යබහුලම පෙරදිග අපරදිග නාවික මාර්ග අතර ප්‍රමුඛස්ථානය පසුවන හම්බන්තොට වරාය ද ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක්  වටිනා වසර 99ක කල් බදු ගිවිසුමක් යටතේ චීන රජය වෙත පවරා දීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබිණි. කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කෙරෙන භාණ්ඩ අතරින් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් ඉන්දියානු අපනයන ආනයන භාණ්ඩය. මෙම වාතාවරණය තුල මෙවැනි ගිවිසුමක් අහෝසි කිරීම සම්බන්ධව රජය ගත් තීරණය ගැන දේශීය විදේශීය අංශ දැඩි උනන්දුවක් දැක්වීය.
ගිවිසුමේ ක්‍රියාකාරීත්වය ඉන්දීය රජය දැඩිව අපේක්ෂා කරන බව පසුගිය දිනෙක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය. එලෙස ඉන්දීය රජයේ ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවූයේ දකුණු ආසියානු කලාපය තුළ පාලනය තම රට මිස බාහිර පාර්ශව මතින් සිදු කිරීම අනතුරුදායක විය හැකි බව විය හැක.
චීන දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ද, ශ්‍රී ලංකාව හා තමන් අතර සිදුවන ගනුදෙනු සඳහා වෙනත් පාර්ශව වල අවශ්‍යතාවයන් නොමැති බව චීනය ප්‍රකාශ කිරීම නිසා ද ඉන්දීය රජය මේ පිළිබඳ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය ට හේතු විය. චීනයට ඇති ණය බරින් සහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් උපාය මාර්ගික පියවරක් දැයි මෙය සැකයට බඳුන් වේ. කෙසේ නමුත් මේ සියලු කරුණු සලකා බැලූ විට ඉන්දීය සබඳතා අත්හරිමින් ශ්‍රී ලංකා රජය සැරසෙන්නේ චීනය සමඟ "එක බත් පතේ කෑමට" දැයි සැකයක් මතු වෙමින් පවතී. එසේ වුවහොත් වත්මන් තත්වය ඉඟුරු දී මිරිස් ගත්තා බඳු තත්ත්වයකට පත්වේ දැයි යන්න සියල්ලන්ගේම අවධානයට යොමු විය යුත්තකි. කිසිඳු රාජ්‍යයක අත කොළුවක් බ්වට පත් නොවී ස්වාධීනව මෙය සංවර්ධනට කිරීමට නොහැකි වීම රාජ්‍ය අංශයේ පවතින දුර්වලතාවයකි.පරම්පරාගත ණය ප්‍රමාණයන් තව තවත් වැඩි නොකර ලංකාවට දැරිය හැකි ධාරිතාවක පිහිටා ලංකාවේ තාක්ෂණය භාවිතා කොට මෙය සාර්ථක කරගැනීමට වෙර නොදැරීම කණගාටුදායක කරුණකි.