
මත්පැන් පානය කරන අයට කොවිඩ් _ 19 වැළැක්වීමේ එන්නත ලබාදීමෙන් එවැනි අයගේ අක්මාව සිරුරේ
ප්‍රතිශක්තිය ඇති කිරීමේ ක්‍රියාවලියේදී අඩු දායකත්වයක් දක්වන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ
ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ සඳහන් කරයි.
මේ වනවිටත් මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නකු අදාළ එන්නත ලබාගත්තේ නම් එදින සිට අවම වශයෙන්
මාස හයක්වත් ඒවා පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.
මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් _ 19 වැළැක්වීමේ එන්නත ලබාදීම මඟින් මුදල් හා සම්පත්
අපතේ යැවීමක් වන බවද සභාපතිවරයා පවසයි.
ජේ.ටී. ද සිල්වා
Comments
Post a Comment
Your comment will be visible after approval