අගමැති මහින්ද බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිය ටට්යානාගේ මවගේ වත්මන් සැමියා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදු කළා යයි කියන වීඩියෝගත කිරීමක් හා ඒවා සයිබර් හිංසනයට යොදාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් හටගෙන තිබේ.
ටට්යානාගේ මව වන ඩෙයිඩ්රි ලිවේරා මහත්මිය ටට්යානාගේ පියා ජෙරොමිගෙන් දික්කසාදවීමෙන් පසු වර්තමානයේ විවාහ වී සිටින්නේ එන් වී තිවකරන් (N. V. Thivakaran) නමැත්තෙකු සමගය.
තිවන්කරන්ට එල්ලවූ චෝදනාව වනුනේ ඔහු පසුගිය දිනෙක කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිහිටුවා ඇති කෝපි අවන්හලකදී තමන් ඉදිරිපිට සිටි කාන්තාවන්ගේ රහසිගතව ලබාගත් බව කියන ඡායාරූප වීඩියෝ කිහිපයක් අයථා භාවිතයේ යෙදවීමය.
කාන්තාවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ අනවශ්‍ය ලෙස බෙදාහැරීමෙන් පසු එම ඡායාරූප වල සිටි කාන්තාවක එයට විරෝධය පළ කර ඇත. ඇය කියා සිටියේ මෙම පුද්ගලයා කෝපි හලෙහි කාන්තාවන් රහසිගතව වීඩියෝ ගත කළ බවත්, එම වීඩියෝ පට WhatsApp කණ්ඩායම්වල බෙදාගත් බවත්ය.
ඒ අනුව ඇය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ කළමනාකාරීත්වයට මේ ගැන රපෝර්තු කළ නමුත් රාජපක්ෂ පවුලේ ඥාතියෙකු ලෙස පෙනී සිටින එන්.වී තිවකරන්ට එරෙහි කිසිදු පියවරක් නොගන්නට කළමනාකාරීත්වය පරිස්සම් වී තිබුණි.
හෝටලයේ මෙම උදාසීන ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක්කරමින් සමාජ මාධ්‍ය තුළ පෝස්ටු පළවන්නට පටන් ගත්තේය.
මේ අතරවරයේ දිගටම එල්ලවන චෝදනා ඉදිරියේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, අදාළ පුද්ගලයාගේ ගැටලුව ගැන ඔහු සමඟ “සම්බන්ධ වීමට” සහ හෝටලයට පැමිණෙන කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඔවුන් සුදුසු පියවර ගෙන ඇති බවයි.
මේ අතර රෝහිත රාජපක්ෂගේ හා ටට්යානාගේ ඥාතීයෙකුගේ ක්‍රියාවකින් කැළලක් මතුකර තිබෙන පරිසරයක රෝහිත අද උදෑසන ට්විටර් මාධ්‍යයෙන් සිය පවුලේ ප්රශ්නය එළි පිට කථා කර තිබේ.
රෝහිත කොටස් තුනකින් යුතු ට්විටර් පණිවිඩ වලින් මෙසේ දන්වා ඇත.
සිනමන් හෝටලයේදී චූදිතයාගේ නින්දිත ක්‍රියා ගැන ඇසීම ඉතා කණගාටුදායක විය. මගේ බිරිඳ ටට්යානා ලී සහ මම ස්ත්‍රී පුරුෂ භාවය නොතකා ඕනෑම කෙනෙකුට එරෙහි ලිංගික හිරිහැර තරයේ හෙළා දකිමි.
එන්. වී. තිවකරන්" විවාහ වූයේ මගේ නැන්දම්මා සමඟයි. නමුත් මගේ බිරිඳ (ඔහුගේ සුළු දියණිය) හෝ මම ඔහු සමඟ වසර ගණනාවක් තිස්සේ සමීපව ඇසුරු කරන්නේ නැහැ
චූදිතයා ඔහුගේ ක්‍රියාවන්ට වගකිව යුතු අතර, චූදිතයාගේ සමාජ තත්ව නොසලකන ලෙසත් ස්වාධීනව වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිනමන්ග්‍රෑන්ඩ් කළමනාකාරිත්වය සහ අදාළ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මම තරයේ දිරිමත් කරමි.
0 Comments