පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම මාසය ඇතුළත කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු කරනු ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කර තිබෙයි. මන්ත්‍රීවරුන්ට හා කාර්ය මණ්ඩලයට එන්නත්කරණය කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙය ලබාදෙනු ඇතැයි දැක්වේ.
මෙම මස මැද භාගයේදී ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තවත් ලක්ෂ අටක ප්‍රමාණයක් ලැබීමට නියමිත බව දැනුම්දී ඇතැයි පවසන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු එම එන්නත් ලැබුණු පසු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට එන්නත් කිරීම කරනු ඇතැයිද කීය.
ලබන මස පළමු සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට සහ අවුරුදු 30 - 60ත් අතර වැඩකරන ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මධ්‍යස්ථාන 4000ක් ඒ සඳහා සැලසුම්කර ඇති අතර එම මධ්‍යස්ථානවලින් දිනකට මධ්‍යස්ථාන 2000ක් ක්‍රියාත්මක වන ආකාරයට එක් මධ්‍යස්ථානයකින් 300කට එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බවෙ ඇය සදහන් කරයි.
මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු කරන බවටද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
0 Comments