එක්සත් අරාබි එමීරයේ වෙසෙන විදේශිකයන් කිහිපදෙනෙකු වෙත පුරවැසිභාවය පිරිනැමීම එරට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. COVID-19 වසංගතය  හේතුවෙන් බලපෑමට ලක්ව ඇති එරට ආර්ථිකය වෙත ලබාදෙන සහන යටතේ මෙම පුරවැසිභාවය ලබාදෙන බව වාර්තා වෙයි. ඒ අනුව මේ පිළිබඳව නිවේදනයක්  නිකුත් කළ ඩුබායි නුවරපාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොයුම්, "ආයෝජකයන්, විශේෂඥ කුසලතා ඇති පීරිස් මෙම විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, කලාකරුවන්, ග්‍රන්ථ කර්තෘවරුන් ඇතුළු වෘත්තීන්හි නිරත වන පිරිස් වෙත සහ ඔවුන්ගේ පවුල් වෙත මෙම නව ක්‍රමවේදය හරහා එක්සත් අරාබි එමීරය තුළ පුරවැසිභාවය හිමි  කරගත හැකියි.” යනුවෙන් පවසා ඇත.



 ඒ අනුව එක්සත් අරාබි එමීරයට අයත් එමීර හතෙන් එම පුරවැසිභාවය ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් නම් කරනු ඇති බවත්, එලෙස පුරවැසිභාවය හිමි වන පුද්ගලයන්ට තමන්ගේ මුල් පුරවැසිභාවය තවදුරටත් පවත්වාගෙන යා හැකි බවත් ෂෙයික් මොහොමඩ් සිය ට්විටර් ගිණුම තුළ සඳහන් කර ඇත.   කෙසේ වෙතත් එක්සත් අරාබී එමීරය COVID-19 වසංගතය බවට සඳහන්  කරමින් ගෙන ඇති මෙම තීරණය පිටුපස බොහෝ  අරමුණු තිබෙන බව  විචාරකයෝ පවසති. අද  වනවිට එක්සත් අරාබි එමිරයේ ජනගහනයෙන් එරට පුරවැසියන්ගේ  නියෝජනය සුළු වන අතර, එරට පැමිණ සිටින සංක්‍රමණික කම්කරුවන්ගේ  සංඛ්‍යාවද ඊට වඩා වැඩිය. එසේම එරට තුළ ක්‍රියාත්මක  අඩු බදු ක්‍රමවේදය සහ සුබෝභෝගී දැවැන්ත ව්‍යාපෘති නිසාද එරට වෙත සංචාරක ආකර්ෂණය ඉහළ යමින් පවතී.