කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයගේ මෘතදේහ දැඩි කොන්දේසි හතක් යටතේ භූමදානයට අවසර දෙමින් සිය කමිටු වාර්තාව නිර්දේශ ඉදිරිපත් කළ බව කොවිඩ් මළසිරුරු භූමදානය කළ හැකිදැයි සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කෙරුණු තාක්ෂණික කමිටුවේ සභාපතිනි මහාවාර්ය ජෙනිෆරි පෙරේරා මහත්මිය පැවැසුවාය.තම තමන්ගේ කැමැත්ත අනුව ඕනෑම අයකුට කොවිඩ් සිරුරු ආදාහනය හෝ භූමදානයද කළ හැකි බවට කමිටු වාර්තාවෙන් නිර්දේශ කළ බව පැවැසූ මහාචාර්යවරිය
කොවිඩ් මෘත දේහ භූමදානය කරන්නේ නම් ඒ සඳහා දැඩි කොන්දේසි හතක් පැනවූ බවද ප්‍රකාශ කළාය.
ඉක්මනින්ම ලබා දෙන්නැයි පැවැසූ හෙයින් කමිටු වාර්තාව පසුගිය දෙසැම්බර් මස 28 වැනිදා සෞඛ්‍ය ප්‍රධානීන්ට භාරදුන් බවද පෙරේරා මහත්මිය පැවැසුවාය.. කොවිඩ් මළ සිරුරු භූමදානය කරන්නේ නම් එම කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කෙරෙන නිසි බලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතුවන අතර මෘත දේහය එම්බාම් කිරීම හා නිවෙස්වලට රැගෙන යෑමද සම්පූර්ණයෙන් තහනම් බව ජෙනිෆර් පෙරේරා මහත්මිය එම කොන්දේසි හෙළි කරමින් සඳහන් කරන්නීය. තවද කොවිඩ් මළ සිරුරු භූමදානය පැය 24 කදී කළ යුතු බවටත් දේහය බැලීමට පවුලේ ඥාතීන් සිවු දෙනකුට මිනිත්තු පහ කාලයක් පමණක් ලබාදිය යුතු බවටත් මළ සිරුරු ජලයට නිරාවරණය නොවන ලෙස මළ සිරුරු බහාලන බෑග් දෙකක බහා පෙට්ටියක තැත්පත් කළ යුතු බවටත් එක් ආගමික පූජකවරයකුට පමණක් ආගමික කටයුතු සඳහා අවසර ලබාදිය යුතු බවටත් සිරුරු පෙට්ටියක තැත්පත් කිරිමෙන් පසුව කිසිම හේතුවක් නිසා හෝ යළි විවෘත නොකළ යුතු බවටත් එම කමිටු වාර්තාව මගින් වැඩිදුරටත් නිර්දේශ කරනු ලැබ ඇත.
කොවිඩ් මෘත දේහවලින් වයිරස ජලයට මුසුවන්නේ දැයි මෙරටදී පරික්ෂණ නොකළ නමුත් ලෝකයේ වෙනත් රටවල මේ හා සමාන වයිරස සමිබන්ධයෙන් කර ඇති පරික්ෂණවල වාර්තා හා දත්ත මැනවින් පරිශීලනය කර කමිටු වාර්තාව පිළියෙළ කළ බව කී සභාපතිවරිය මළ සිරුරුරවල විෂබීජ පස හරහා ගොස් ජලයට එකතුවීමට ඇති ඉඩකඩ ඉතාම අඩු යැයිද ප්‍රකාශ කළාය.
කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කළ හැකි දැයි සෙවීමට මේ තාක්ෂණික කමිටුව පත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනි. මහාචාරිය ජෙනිෆර් පෙරේරා මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට වයිරස පිළිබඳ විශේෂඥයන්, ප්රතිශක්තිවේදය පිළිබඳ විශේෂඥයන්, ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාඥයින් ඇතුළු විද්වත්හු නව දෙනෙක් ඇතුළත් වූහ.
කමිටුවේ සියලු දෙනා මේ කාරණය සම්බන්ධයෙන් එකම මතයක සිටි බවද මහාචාර්යවරිය කීවාය. මේ වාර්තාව නිකුත් කිරිමෙන් පසුව විවිධ දුරකථන ඇමතුම් පැමිණියද තමා ඒවාට උත්තර දීමට නොගිය බවද ජෙනිෆර් පෙරේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. මේ අතර කොවිඩ් මෘත ශරිර භූමදානය සඳහා අවසර දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (10) ප්‍රකාශ කළේය.
0 Comments