
මේ වනවිට පසු බැස තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීම සඳහා නව ක්‍රිකට් කමිටුවක් හා නව
තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති අතර, ඒ සඳහා
හිටපු ක්‍රිකට් විශිෂ්ටයන් කිහිප දෙනකුගේම නම් යෝජනා වී තිබීම කැපීපෙනේ.
ඒ අනුව ක්‍රිකට් කමිටුව සඳහා තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකු වන අරවින්ද ද සිල්වා මෙන්ම රංජිත්
ප්‍රනාන්දු, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරගේ නම්
යෝජනා වී තිබීම විශේෂත්වයකි.
එහිදී මෙම ක්‍රිකට් කමිටුව මඟින් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා පුහුණුකරුවන්ගේ ප්‍රගතිය අධීක්‍ෂණය කිරීම
සිදුවනු ඇති බව පැවැසේ.
මේ අතර නව ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා හිටපු තේරීම් කමිටු සාමාජිකයකු වූ ප්‍රමෝදය වික්‍රමසිංහ
මෙන්ම රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, කපිල විජේගුවර්ධන, වරුණ වරාගොඩගේ නම් යෝජනා
වී ඇති අතර, එයින් තිදෙනකු නව ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා තෝරා ගැනීමට නියමිතය.
විචිත්‍ර වීරසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval