
ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක දසුන් ශානක ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
සමග බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටවයන්නට සූදානමින් සිටියද එසේ නොගිය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. මෙයට හේතුවී ඇත්තේ කොදෙව් යාමට අත්‍යවශ්‍යවූ අමෙරිකානු වීසා සහිතව තිබු විදේශ ගමන් බලපත්‍රය අස්ථානගතවිම ය.
මේ වන විට දසුන් ශානක ගේ ගුවන් ගමන් බලපත්‍රය යළි සකස් කිරීමට සහ අවශ්‍ය වීසා පහසුකම්
ලබාගැනීමට ඉක්මණින් කටයුතු කරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්වී එම ක්‍රියා පටිපාටිය වේගවත්ව ඉටු කර දීමට උදව් කර ඇත.
කෙසේ වෙතත් අවශ්‍ය ලියකියවිලි නැතිව විදේශගතවීම පමාකරන්නට ඔහුට සිදුවිය.
ගැටලුව විසඳුනු වහාම දසුන් ශානක බටහිර ඉන්දීය කොදෙව් දුපත් බලා පිටත්ව යනු ඇති බවත් පුහුනුව සඳහා එක්වනු ඇති බවත් පැවසේ.
Comments
Post a Comment
Your comment will be visible after approval