මෙරට කොවිඩ් 19 වැළදීමෙන් ජීවිතය අහිමි වූ පළමු වෛද්‍යවරයා වූ වෛද්‍ය ගයාන් දන්තනාරායන වියෝවෙන් වේදනාවට පත් ඔහුගේ පියා වෛද්‍ය ඩී.වයි. සරණතිලක මහතා තම දරුවාට අවශ්‍ය ප්‍රතිකාර අවසන් අවස්ථාවේ ලබා දීමට නොහැකිවීම ගැන දැඩි කනස්සල්ලෙන් පසුවන්නේය.

ඔහු දැන් මෙසේ කියයි.
පළවෙනිදා උණගත්තෙ 10 වෙනිදා තමා ඇතුලුවුනේ එයාට ලෙඩ හැදුණ වෙලවෙ නෑ ඩොක්ටර් මට තිබුණට අමාරුවක් නැහැ. අම්මයි තාත්තයි බලාගන්න කිව්වා යන්ත්‍රය සවිකරලා  කරාපිටියේ දවස් 4 ක් පහක් ඉඳලා නැතිවුනේ.

පුතාට සවිකළ එක්මෝ යන්ත්‍රයේ පිහිට හැමෝටම ලැබෙන්නෙ නැති එක ගැන කණගාටුයි. මුල්ලේරියාවේ කොළඹ මහරෝහලේ රාගම රෝහලේ මේ උපකරණ නැහැ.
මේව තියෙන්නෙ එල්ආර්එච් එකේ එකයි කරාපිටියෙ රෝහලේ එකයි.

මේ මැෂින් එකක් කෝටි එකහමාරක් විතරයි වෙන්නේ.මේකෙ තියන වටිනාකම බලධාරීන් දැක්කෙ නැද්ද කියන එක ගැටලුවක්. පුතා වෙනුවෙන් මං අධිෂ්ඨානයක් ගත්තා මේ වෙනුවෙන් පෙළගැහෙන බවට.
මගේ පුතාට වගේම තවදුරටත් මෙවැනි මැෂින් මිනිසුන්ට අවශ්‍යයි.

මේ වගේ තවත් අහිංසක මිනිස්සුන්ට මේ වගේ මැරෙන්න දෙන්න බැහැ. කෝටියක් හොයාගන්න එක දෙයක්ද මිනිස්සුන්ගේ ආයාචනා කළොත් මිනිස්සු සල්ලි දෙන්නැද්ද ඒ වෙනුවෙන් ඉදිරියේදී මං වැඩ කරනවා.