අභ්‍යවකාශයේදී ප්‍රථම පැළ බද්ධය සිදු කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එළවළු නිෂ්පාදන පද්ධති පරිශ්‍රය තුළදී පළමු වැනි වරට පැළයක් බද්ධ කිරීමක් සිදු කළ බව නාසා ආයතනය පවසයි. එම මධ්‍යස්ථානයට ගොස් සිටිනි නාසාහි ගගනගාමී මයික් හොප්කින්ස් විසින් මෙම පැළ බද්ධය සිදුකර තිබේ.
විශේෂයෙන්ම නාසා ආයතනය මගින් ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති දිගුකාලීන මෙහෙයුම්වලදී ඒ සඳහා සම්බන්ධ වන ගගනගාමීන් වෙනුවෙන් අවශ්‍ය පෝෂණය ලබාදීම වෙනුවෙන් මෙලෙස අභ්‍යාවකාශය තුළ වගා කිරීම පිළිබඳව පර්යේෂණ සිදුකරමින් සිටියි. මෙහිදී මැටි පාදක කරගත් වගා මාධ්‍යයක් සහ පොහොර එක්කොට සකස් කරගත් විශේෂිත පිරවුමක් තුළ මෙම පැළ වගා කිරීම සිදු කරයි. එහිදී අබ පැළ ඉතා හොඳින් වැඩෙමින් ඇති අතර, සලාද පැළවල වර්ධනය යම් පමණකින් මන්දගාමී බවට ගගනගාමී මයික් හොප්කින්ස් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙලෙස වර්ධනය බාල වූ සලාද ගස් වෙත තවත් රිකිලි බද්ධ කරමින් ඒවායේ වර්ධනය වේගවත් කිරීමට හැකියාව ලැබුණු බව හොප්කින්ස් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මෙම වැඩසටහන් වගා විදඥයෙකු වන ගිඕයිආ මාසා, "මෙම අත්හදා බැලීම ඉතාමත් සුවිශේෂයි. එය මගින් ගගනගාමීන්ගේ දක්ෂතාව පෙන්නුම් කරනවා. ඒ වගේම යමක් සිදු කිමේදී ඔවුන්ගේ කැපවීම ඉන් දක්වනවා. ඒ වගේම ක්ෂුද්‍ර ගුරුත්වයකදී පවතින වෙනසත් මෙහිදී දැකගත හැකියි.” යනුවෙන් පවසයි. ඒ අනුව මෙම සාර්ථකත්වයත් සමග ඉදිරියේදී පෘථිවිය මතටත් වඩා හොඳින් මෙම ක්ෂුද්‍ර ගුරුත්වය තුළදී පැළෑටි වර්ධනය සඳහා අවස්ථාවක් උදා කරදෙනු ඇතැයි බලාපොරොත්තු තබා තිබෙන බවද මෙම පර්යේෂණ කණ්ඩායම් සඳහන් කරයි.
0 Comments