පළමු පාසල් වාරය ආරම්භයේ සිට මේ දක්වා වූ කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48 ක පාසල් දරු දැරියන් 95 දෙනකුට සහ ගුරුවරු තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
මින් පාසල් දරුවන් අති බහුතරයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ පවුලේ අයකුට සහ ඥතියකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදී බව ප්රාදේශය වසංගත රෝග විශේෂඥවරයා පවසයි. මොවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයන් ලෙස පාසල් දරු දැරියන් 197 දෙනකු සහ ගුරුවරු 19 දෙනකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් සියලූදෙනා නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවද පවසයි.
පළමු පාසල් වාරය ආරම්භයේ සිට ගත වූ කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පාසල් දරු දැරියන් 95 දෙනාගෙන් පාසල් 21 ක දරු දැරියන් 33 දෙනකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඉකුත් සති දෙක තුළදී බව හෙතෙම පවසයි. එම සති දෙක තුළ එක් ගුරුවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද පවසයි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල
0 Comments