නිදහස් සමරු උළෙල වෙනුවෙන් අද (1දා) සිට 04 වැනිදා දක්වා ජාතික නිදහස් දින උළෙලට අදාළ
පෙරහුරු පැවැත්වෙන දිනයන්හි සහ නිදහස් සමරු උළෙල පැවැත්වෙන දිනයේදී කොළඹ නිදහස් චතුරශ්‍රය
හා ඒ අවට ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු
යොදා ඇත.

මෙම රථවාහන සැලැස්මට අනුව මාර්ග වසාදමන හා ගමනාගමනය සීමා කරන ස්ථාන සහ විකල්ප මාර්ග
මෙසේය.

ග්ලාස් හවුස් හන්දියෙන් නන්දා මෝටර් දෙසට ඇතුළුවීම, පුස්තකාල හන්දියෙන් ග්ලාස් හවුස් දෙසට ඇතුළුවීම,
පුස්තකාල හන්දියෙන් ආනන්ද කුමාරස්වාමි මාවතට (ග්‍රීන්පාත්) ඇතුළුවීම, ධර්මපාල මාවතෙන් එෆ්.ආර්.
සේනානායක මාවතට ඇතුළුවීම, සොයිසා වටරවුමෙන්, කන්නන්ගර මාවතට ඇතුළුවීම, එෆ්.ආර්. සේනානායක
මාවතෙන් කන්නන්ගර මාවතට ඇතුළුවීම, විජේරාම මාවතෙන් රොස්මීඩ් පෙදෙස ඔස්සේ කන්නන්ගර මාවත
දෙසට ඇතුළුවීම, විජේරාම මාවතෙන් බාන්ස් පෙදෙස ඔස්සේ කන්නන්ගර මාවත දෙසට ඇතුළු වීම, හෝර්ටන්
පෙදෙස විජේරාම හන්දියෙන් හෝර්ටන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දිය දෙසට ඇතුළුවීම, විජේරාම මාවත සිට
ආර්.ජී. සේනානායක මාවත ඔස්සේ මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම, හෝර්ටන් පෙදෙස මේට්ලන්ඩ්
ක්‍රසන්ට් හන්දියෙන් හෝර්ටන් වටරවුම දෙසට ඇතුළුවීම.


ආර්.ජී. සේනානායක මාවතෙන්, මේට්ලන්ඩ් ක්‍රසන්ට් වෙත ඇතුළුවීම, විජේරාම මාවත, විද්‍යා මාවත
හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළුවීම, විද්‍යා මාවතෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළු වීම, බෞද්ධාලෝක
මාවතේ සිට (ආර්.එෆ්.පී. හන්දියෙන්) මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීම, බෞද්ධාලෝක මාවත සිට ටොරින්ටන්
හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළුවීම, ප්‍රේමකීර්ති ද අල්විස් මාවතෙන් නිදහස් මාවතට
ඇතුළුවීම, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම පාරට ඇතුළුවීම, පදනම් ආයතනය අසලින් නිදහස්
චතුරශ්‍රය දෙසට ඇතුළුවීම, පදනම පාරෙන් නිදහස් මාවතට ඇතුළුවීම, නිදහස් වටරවුමෙන් නිදහස්
මාවතට, නන්දා මෝටර්ස් දෙසට සහ මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම.

ගමනාගමනය සීමාකර හෝ මාර්ග වසා ඇති ප්‍රදේශ මඟහැර, ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය හන්දිය
දෙසින් පැමිණෙන රථවාහන ලිබර්ටි වටරවුම, ධර්මපාල මාවත, පිත්තල හන්දිය (ධර්මපාල මාවත) ජේම්ස්
පීරිස් මාවත හන්දිය, රතුකුරුස හන්දිය, ලිප්ටන් වටරවුම ඔස්සේ යූනියන් පෙදෙසට, වෝඩ් පෙදෙසට සහ
ඩීන්ස් පාරට ඇතුළුවිය හැකිය.

හැව්ලොක් පාර තුම්මුල්ල දෙසින් පැමිණෙන රථවාහන තර්ස්ටන් පාර, මල්පාර (අර්නස්ට් ද සිල්වා මාවත)
මල්පාර හන්දිය, පිත්තල හන්දිය ඔස්සේ ජේම්ස් පීරිස් මාවතට සහ ධර්මපාල මාවතට ඇතුළු විය හැකිය.

හෝර්ටන් පෙදෙස ඔස්සේ පැමිණෙන රථවාහන හෝර්ටන් පෙදෙස විජේරාම හන්දියෙන් දකුණට හරවා වෝඩ්
පෙදෙස සොයිසා වටරවුම ඔස්සේ ධර්මපාල මාවතට, යුනියන් පෙදෙසට සහ ඩීන්ස් පාරට ඇතුළු විය හැකි
අතර තුම්මුල්ල දෙසට ධාවනය කිරීම සඳහා බෞද්ධාලෝක මාවත (බුලර්ස් පාර) ද භාවිත කළ හැකිය.

ගමනාගමනය සීමාකර හෝ මාර්ග වසා ඇති ප්‍රදේශ මඟහැර කොළඹින් පිටවීම සඳහා ධර්මපාල මාවත,
යුනියන් පෙදෙස හෝ ඩීන්ස් පාර ඔස්සේ සොයිසා වටරවුමට පැමිණෙන රථවාහනවලට බොරැල්ල දෙසට
ධාවනය ස¼දහා වෝඩ් පෙදෙස භාවිත කළ හැකිය.

වෝඩ් පෙදෙස විජේරාම හන්දියෙන් විජේරාම මාවතට හෝ කිංසි පාර හන්දියෙන් කින්සි පාරට ඇතුළුවී
හෝර්ටන් පෙදෙස ඔස්සේද බොරැල්ල දෙසට ධාවනය කළ හැකිය.


බෞද්ධාලෝක මාවතට, (බුලර්ස් පාරට) පිවිසෙන වාහනවලට කනත්ත වටරවුම දෙසින් පිටවිය හැකිය.

යුනියෙන් පෙදෙස ඩීන්ස් පාර සහ වෝඩ් පෙදෙස ඔස්සේ සොයිසා වටරවුමට පැමිණ හැව්ලොක් පාර දෙසට
පිටව යන රථවාහන ධර්මපාල මාවත, පුස්තකාල හන්දිය, මල්පාර හන්දිය, මල්පාර (අර්නස්ට් ද සිල්වා
මාවත), ජේ.ඕ.සී. හන්දිය, රාජකීය මාවත, රීඩ් මාවත (පිලිප් ගුණවර්ධන මාවත) තුම්මුල්ල වටරවුම
ඔස්සේ පිටව යා හැකියි.

යුනියන් පෙදෙස, ඩීන්ස් පාර සහ වෝඩ් පෙදෙස ඔස්සේ සොයිසා වටරවුමට පැමිණ ධර්මපාල මාවත ඔස්සේ
ගාලු පාර දෙසට පිටව රථවාහන පුස්තකාල හන්දිය, මල්පාර හන්දිය, ආනන්ද කුමාරස්වාමි මාවත,
ලිබර්ටි වටරවුම, ඩුප්ලිකේෂන් පාර (ආර්.ඒ. ද මැල් මාවත) ඔස්සේ පිටව යා හැකිය.

මාර්ග වසා තබන හෝ ගමනාගමනය සීමා කරන ප්‍රදේශය තුළ පදිංචිකරුවන් ස¼දහා (අනන්‍යතාව
තහවුරුකර ගැනීමෙන් පසු) ඔවුන්ට ඇතුළුවීමට අවශ්‍ය මාර්ගයේ පෙළපාළි, සන්නද්ධ රථ හෝ  විශේෂ
ගමන්මාර්ග ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී ඇතුළුවීමට ඉඩදෙනු ලැබේ.

මාර්ග වසා තබන හෝ ගමනාගමනය සීමා කරන ප්‍රදේශ හරහා ගමන් කිරීමට පැමිණෙන රථවාහනවල
ගමන් ගන්නා රියැදුරන් ඇතුළු මහජනතාවට අපහසුතාවක් සිදුනොවන පරිදි ආසන්නතම හා පහසුම විකල්ප
මාර්ග ඔස්සේ යොමුකරනු ලැබේ.

ජේ.ටී. ද සිල්වා