india covid19 testing dogs


ඉන්දියානු යුද හමුදාව තුළ COVID-19 ආසාදිතයින් ඉව කිරීමක් මගින් හඳුනාගැනීම සඳහා ඉව ඇල්ලීමේ හැකියාව සහිත සුනඛයන් පිරිසක් පුහුණු කර ඇතැයි වාර්තා වෙයි. වාර්තාවලට අනුව මෙම සුනඛයන්ට 95%ක සාර්ථකත්වයක් සහිතව COVID-19 ආසාදිතයන් හඳුනාගැනීමේ හැකියාව පවතින බව සඳහන් වෙයි.


ආසාදිතයින්ගේ මුත්‍රා සහ දහඩිය වෙත ඉව ඇල්ලීමෙන් උන්ට මෙම රෝගීන් හඳුනාගැනීමට හැකි බව කියැවේ.
Cocker Spaniel වර්ගයේ සහ ස්වදේශිය Chippiparai වර්ගයට අයත් සුනඛයන් මෙහිදී වෛරසය හඳුනාගැනීම සදහා පුහුණු කිරීම අරඹා තිබේ. ආසාදිත පුද්ගලයන්ගේ මුත්‍රා  සහ දහඩිය සාම්පල 3800 ක් මගින් අදාළ පුහුණුව ලබාදී තිබෙන බව පැවසෙයි. මෙම සාම්පල පරීක්ෂණයේදී 22 දෙනෙකු ආසාදිත බව උන් පෙන්නුම් කළ අතර පසුව කළ ඇන්ටිජන් පරීක්ෂණ අනුව උන්ගේ සොයාගැනීම සියයට 95 ක් සාර්ථක විය.

 මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ඉන්දීය හමුදාව, "කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිසගේ සිරුරේ පටක තුළ පැහැදිලි වෙනසක් සිදුවෙනවා. එය තමයි මේ සුනඛයන් මගින් රෝගය හඳුනාගැනීම සඳහා භාවිත කරන්නේ. දැනටමත්  සිදුකළ අත්හදාබැලීම්වලදී සුනඛයන් සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා.” යනුවෙන් පවසා ඇත.




මෙලෙස COVID-19 ආසාදිතයන් හඳුනාගැනීම සදහා  පුහුණු කෙරුණු සුනඛයන් දෙදෙනකු දැනටමත් එරට ප්‍රධාන පෙළේ දේශසීමාවන් වෙත යොදවා තිබෙන බවත් පැවසෙයි. ඒ  අතරින් හිමාලයා ප්‍රාන්තයේ පිහිටි ලඩාක් දේශසීමාව වෙතද මෙම සුනඛයන් අනුයුක්ත කර තිබේ. මෙම සුනඛයන් දෙදෙනා විසින් මේ දක්වා සාම්පල 3,000ක් ඉවකර ඉන් 18 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

india covid19 testing dogs

india covid19 testing dogs