
කුරුණෑගල - රඹුක්කන ප්‍රධාන මාර්ගයේ කටුපිටිය ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේ මෝටර් රථයක් අධි බලැති රැහැන් පද්ධතියක ගැටී දැවී අළුවී ගොස් තිබේ.
ගිනි ගැනීමෙන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර විදුලි කණුවට ද බරපතල හානි සිදුවිය.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයින් තිදෙනාගෙන් දෙදෙනෙක් පොදු දේපළ හානි කිරීම යටතේ පොලිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාකර තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට අනෙක් පුද්ගලයා පළාගිය බැවින් පොතුහැර පොලිසිය මේ වනවිට ඔහුව සොයමින් සිටී




Comments
Post a Comment
Your comment will be visible after approval