කුලියාපිටිය, ගුරුහේන වත්ත ප්‍රදේශයේ සිවු මස් බිලිඳකු වෙනුවෙන් සිදු කළ ඇන්ටිජන් පරික්ෂාවකින් පසුව එම බිලිඳා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි කුලියාපිටිය ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග කියයි. මේ වන විටත් බිලිඳාගේ වැඩිමල් සොහොයුරා වයස 7 හා පියා කොවිඩ් ආසාදිතව නාරම්මල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
ඉකුත් සතියේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුව ආශ්‍රිතව වෛද්‍යවරුන් සිවු දෙනකු,
කෙසේ වෙතත් ඉන් පියාටත් පුතාටත් කොවිඩ් ආසාදනය වූවාද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව සෞඛ්‍ය අංශ පැවසූ අතර
රෝහලෙන් සිදු කළ ඇන්ටිජන් පරික්ෂාවේ ප්‍රතිඵල අනුව බිලිඳා සහ මව හෝමාගම රෝහලට මාරුකර යවන බවද පැවසිණි. ඊයේ (04) නිකුත් වූ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාව අනුව කෝන්ගහගෙදර, පිටදෙණිය, ඉහළගොමුගොමුව, වැවගම හා කෝංගොල්ලවත්ත ආදී ප්‍රදේශවල උපකාරක පත්ති ගුරුවරයකු ඇතුළු 6 දෙනකු ආසාදිතයන් ලෙස හඳුනා ගත් බවද ඒ අතර අඹුසැමි යුවළක් ද වන බවද සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
-දිනේෂ් උපේන්ද්‍ර-
0 Comments