පසුගිය සිකුරාදා සෞඛ්‍ය අංශ මගින් අනතුරු අඟවමින් දන්වා සිටියේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින වේගවත් කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හමුවූ බවටය.
කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව සහ බියගම යන ප්‍රදේශ වලින් ගනු ලැබූ ජෛව සාම්පල් වල සිදුකළ DNA පරීක්ෂණය මගින් මෙම අන්තරාය හඳුනා ගැනීමට හැකිවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියේය.
ඉතා වේගවත් පැතිරීමක් පෙන්නුම් කරන මෙම ප්‍රභේදය නිසා COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම වේගවත්වී ඇති බව සෞඛ්‍ය අංශ මගින් අනාවරණය කරන අතර මෙවන් තත්වයක් යටතේ දිවයින පුරා අගුලු දැමීමක් සිදුවේද යන්න ගැන ඉරිදා සන්ඪේ ටයිම්ස් පුවත්පත පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසා ඇත.
ඔහු පිළිතුරු දී ඇත්තේ මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති නමුත් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය හෙට (15) රැස්වූ පසු මෙම ප්රශ්නය සාකච්ඡා කරනු ඇති බවය.
වසංගත රෝග විද්‍යා ඒකකය මෙම තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත්, ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කරන බවත් මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මේ සම්බන්ධයෙන් පුවත්පතට දන්වා ඇත.
අද (14) වැලන්ටයින් දිනය තුළදී ත් ජනතාව සමූහ වශයෙන් රැ්සවන අවස්ථා ඉහළ ගොස් ඇති බවත් පෙබරවාරි මස අවසානය දක්වා දීර්ඝ සති අන්ත පැවතීමෙන් සාමූහික රැස්වීම් වලට අවස්ථාව වැඩි බවත් අජිත් රෝහණ මහතා පෙන්වාදී ඇත.
මෙම සෑම අවස්ථාවකම මුහුණු ආවරණ පැළඳීම හා අත්සේදීම සම්බන්ධ නියමයන් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ඔහු දන්වා ඇත.
එක්සත් රාජධානියේ B.1.1.7 වර්ගය සම්බන්ධයෙන් වෛද්‍ය හේමන්ත හේරත් පවසා ඇත්තේ වේගයෙන් ව්‍යාප්ත වුවද එය දැනට දරුණු ආසාදන ඇති නොකරන බවයි.
0 Comments