Medirigiriya call

මැදිරිගිරිය නවනගරය ප්‍රදේශයේ ගෙවත්තක නිධානයක් ගැනීමට කපුවෙකු ගෙන්වා නිධානය ගෙන එහි කිසිවක් නොවීමෙන් අදාළ කපුවා පැහැරගෙන ලක්ෂ 06ක කප්පමක් ඉල්ලූ බව කියන නිවෙස් හිමියෙකු ඇතුළු තිදෙනෙකු මෙරට නිෂ්පාදිත ගිනිඅවි හා තියුණු අවියක් සමග පෙරේදා (08දා) අත්අඩංගුවට ගත් බව මැදිගිරිය පොලීසිය පවසයි. සැකකරුවන් මැදිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.   පසුගියදා (05දා) මැදිරිගිරිය නවනගරය යාය 1 පදිංචි පුද්ගලයෙකු විසින් තම පුතා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 6ක් ලබා නොදුන්නොත් මරා දමන බවට දුරකථන ඇමතුමක් ලැබී ඇතැයි මැදිගිරිය පොලීසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකළ පොලීසිය පැහැරගත් පුද්ගලයා නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.




කපුවා පැහැරගත් පුද්ගලයා විසින් කපුවාගේ පියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් රැගෙන පවසා ඇත්තේ, රුපියල්  ලක්ෂ 06ක් තමන්ගේ ලොරිය උකස්කර ඇති නිවසට ගොස් රුපියල් ලක්ෂ 6ක් ගෙවන ලෙසයි. එසේ නොකර සිටියහොත් තමන්ගේ පුතා වෙඩි තබා මරා දමන බවයි. පසුව පොලීසිය විසින් එම නිවසට ගොස් එහි නිවස හිමිකරුට පවසා ඇත්තේ, තම මිත්‍රයාට රුපියල් ලක්ෂ 6ක් ලැබුණ බවත් පැහැරගෙන සිටින දරුවා නිදහස් කරන ලෙසයි. . ඒ අනුව පැහැරගෙන සිටි කපුවා නිදහස් කිරීම සදහා රැගෙන  එන අවස්ථාවේ මැදිරිගිරිය නගරයේදී කපුවා පැහැරගත්  පුද්ගලයාත් ඔහුගේ බිරිදත් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.




තමන්ගේ ගෙවත්තේ නිධානයක් තිබූ බවත් එය අරගැනීම සදහා පැහැර ගත් කපුවා ගෙන්නාගත් නමුත් එය ගැනීමට රුපියල් ලක්ෂ 4ක් පමණ වියදම් වු බැවින් නිධානයක් එහි නොතිබුණු අතර, වියදම් වු මුදල කපුවාගෙන් ඉල්ලා සිටියත් කපුවා එය ප්‍රතික්ෂේප කිරීම නිසා පැහැර ගත් බවත්, දින 04ක්  පැහැරගත් පුද්ගලයා සගවාගෙන සිටි බවත් සැකකරුගෙන් කළ

කපුවා එය ප්‍රතික්ෂේප කිරීම නිසා පැහැර ගත් බවත්, දින 04ක් පැහැරගත් පුද්ගලයා සගවාගෙන සිටි බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. පසුව පොලිසිය විසින් කපුවන් පැහැරගෙන යාමට යොදා ගත් මෝටර් රථය සහ යතුරුපදියත් ඒ සදහා සම්බන්ධ වූ පුද්ගලයන් 4දෙනකුත් මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සහ තියුණු අවියක් පොලිස් භාරයට ගෙන තිබේ.  සැකකරුවන්, වාහන, ගිනිඅවි ඇතුළු භාණ්ඩ හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

  ඩබ්.ඒ.පියතිලක-