මියන්මාරය තුළ ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයට සහ වත්මන් හමුදා පාලනයට එරෙහිව උද්ඝෝෂණ මැඩපැවැත්වීම සදහා නව නීති හඳුන්වාදීමට එ රට වත්මන් පාලනය පියවරගෙන ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව මෙම හමුදා පාලනය යටතේ රටෙහි කොතැනක හෝ යොදවා ඇති හමුදා පිරිස් වෙත බලපෑම් වන ආකායෙන් උද්ඝෝෂණයේ නිරතවීම වසර 20ක සිරදඬුවමකට ලක්වනවරදක් බවට නම් කෙරී තිබෙයි.
එසේම මෙම හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ නායකයන් වෙත අපහාස සිදුකරන පිරිස් වෙත දිගුකාලීන සිරදඬුවම් සහ දඩ පැනවීමක් සිදු කරන බවත් හමුදාව පවසා තිබේ. මියන්මාරයේ අගනුවරට අමතරව තවත් නගර රැසකටම යුද හමුදාව යොදවමින් එම පාලනය මෙම නව නීති හඳුන්වාදීම සිදුකර තිඛෙන බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර හමුදාපාලනය මගින් අත්අඩංගුවට ගෙන සිටි මියන්මාර නායිකා අවුන්සාන් සුකී ඇතුළු පිරිස් නිදහස් කරන ලෙස බලකරමින් පවත්වන උද්ඝෝෂණද තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.
පසුගිය ඉරිදා සහ සදුදා දිනවලදී මෙම උද්ඝෝෂණය වෙත එරට හමුදාව වෙඩි තැබීම සිදුකළ බව පැවසුනත් සිදුවූ හානි පිළිබදව මෙතෙක් අනාවරණය වී නැත.
0 Comments