මියන්මාර හමුදාව පවසන්නේ අවුන් සාන් සූ කීගේ නායකත්වයෙන් යුත් සිවිල් රජයට එරෙහි කුමන්ත්රණය සාර්ථකවූ බවත් ඇය නෙරපා තමන් රට පාලනය කරන බවත්ය.
පැය කිහිපයකට පෙර හමුදා ප්රකාශක මයෝ නියුන්ට් රොයිටර් පුවත් සේවයට පැවසුවේ රාජ්ය උපදේශක සූ කී, ජනාධිපති වින් මයින්ට් සහ අනෙකුත් සිවිල් නායකයින් උදේ පාන්දර වැටලීමකදී “රැගෙන” ගිය බවයි.
“මැතිවරණ වංචාවන්ට” ප්රතිචාර වශයෙන් නායකයින් රඳවා ගත් බව හමුදාව පැවසීය. හමුදාවේ ඉල්ලීම නොතකා පසුගිය මහ මැතිවරණය ජය ගැනීමෙන් පසුව ජාතික ලීගයට බලය හිමි පාර්ලිමේන්තුවේ පහල මන්ත්රී මණ්ඩය පළමු වරට රැස්වීමට උත්සහ කළ අවස්ථාවේ මෙම පැහැරගෙනයාම් හා බලය ඇල්ලීම සිදුකර ඇත.
0 Comments