01.00am ඉන්දියාවේ උතුරුදිග උත්තරාකන්ද ග්ලැසියරය පුපුරා යාමේ සංසිද්ධිය නිසා වේල්ලක් කැඩී අවම වශයෙන් 125 ක් අතුරුදහන්ව ඇති බව මේ වනවිට විදෙස් වාර්තා සඳහන් කරයි. දැනට සිරුරු 7 ක් සොයා ගෙන ඇත
උත්තරාකන්දේ චමෝලි දිස්ත්‍රික්කයේ ජොෂිමාත්හි තපෝවන් ප්‍රදේශයේදී ඉරිදා උදෑසන නන්ද දේවි නමැති ග්ලැසියරය කැඩී ගොස් අලක්නන්ද ගඟේ රිෂිගංගා වේල්ලට හානි වීමෙන් රිෂිගංගා විදුලි බලාගාරයේ සේවය කළ කම්කරුවන් 125 දෙනෙකු අතුරුදහන් විය. සවස් වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් උත්තර්කන්ද් මහ ඇමති ත්‍රිවේන්ද්‍ර සිං රාවට් මහතා කියා සිටියේ අතුරුදහන් වූවන්ගේ
වේල්ල කැඩීයාමේ බලපෑම ඇතිවන සෑම දිස්ත්‍රික්කයකම දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති අතර ගංගා ගඟ අසලට නොයන ලෙස ජනතාවට අනතුරු අඟවා තිබේ.
ඛේදවාචකය සිදුවූ විගසම, රාජ්‍ය ආපදා කළමනාකරණයේ සහ ඉන්දියානු-ටිබෙට් දේශසීමා බලකායේ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණියහ. චමෝලි හි උමග තුළ සිරවී සිටි පුද්ගලයින්වද නිලධාරීන් බේරාගෙන තිබේ. ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා යුද හමුදා ඛණ්ඩ හතරක්, වෛද්‍ය කණ්ඩායම් දෙකක්, එක් ඉංජිනේරු කාර්ය සාධක බලකායක් උත්තරාකන්ද් හි රින්ගි ගම්මානයේ යොදවා ඇත. හමුදා හෙලිකොප්ටර් යානා ගුවන් නිරීක්ෂණයේ යෙදී සිටී.
ග්ලැසියරය කැඩී යන්නට දින දෙකකට පෙර නන්ද දේවි හි හිම කුණාටුවක් ඇති වූ බවද වාර්තාවී තිබේ.
මේ අතර සිද්ධියෙන් පසු පැරණි ගංවතුර වීඩියෝ පට හරහා කටකතා පතුරවන අය නිසා වැරදි තොරතුරු සන්නිවේදනයක්ද සිදුව ඇති අතර බලධාරීන් ඉල්ලා සිටින්නේ වැරදි තොරතුරු හුවමාරුව නවතන ලෙසයි.
0 Comments