නූතන සංගීත භාණ්ඩ, ඇපල් හා අයිපෑඩ්, පරිගණක ඉතා අඩු මිලට හා ඉක්මනින් විකිණීමට තිබෙන බව
කියමින් අන්තර්ජාලය ඔස්සේ විවිධාකාර දැන්වීම් පළකරමින් මහජනයාගෙන් මුදල් වංචා කළ ලෝක හොරකු
රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු බව කියන පොලිසිය වෙනත් පුද්ගලයන්
හයදෙනකුට අයත් ජාතික හැඳුනුම්පත් හයක්ද සමඟ ඔහු වැලිගම ප්‍රදේශයේදී කොටුකරගත් බවත් කියයි.
පියානෝ, ඕගන්, ඇපල් පරිගණක, අයිපෑඩ්, පරිගණක ඇතුළු නූතන සංගීත භාණ්ඩ රැසක් තමන් සන්තකයේ ඇති
බවත් ඒවා ඉතා ඉක්මනින් විකිණීම සිදුකරන බවත් කියමින් සැකකාර පුද්ගලයා අන්තර්ජාලය ඔස්සේ
විවිධාකාර දැන්වීම් පළකර තිබිණි.
සැකකරු විසින් මෙලෙස දැන්වීම් පළ කරමින් එම භාණ්ඩ අවශ්‍ය අය සිටිත් නම් වහාම අත්තිකාරම් මුදලක්
ගිණුමක තැන්පත් කරන ලෙස කියමින් ඔහු ගිණුම් අංකයද දැන්වීමේ පළකර තිබේ. මෙම දැන්වීම්වලට
අන්තර්ජාලය හරහා බොහෝ පිරිස් ප්‍රතිචාර දක්වා තිබිණි. ඒ අනුව නොයෙකුත් පුද්ගලයන් මෙම භාණ්ඩ
ලබාගැනීම සඳහා රුපියල් දසදහස හා රුපියල් විසිදහස වැනි මුදල් අදාළ පුද්ගලයාගේ බැංකු ගිණුමට
බැර කර තිබේ.
එම මුදල් ඔහුගේ ගිණුමට බැරවීමත් සමඟ ගනුදෙනුකරු සමඟ ඇති සබඳතාව නතර කරන මෙම පුද්ගලයා සිය
කේරඩිට් කාඩ්පත උපයෝගී කරගෙන ඉල්ලුම්කරුවන් විසින් ඔහුගේ ගිණුමට බැර කරන මුදල් ලබාගනිමින්
පුද්ගලයන් රැසකගේ රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචාකර තිබේ.
මේ සම්බන්ධයෙන් රහස් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර අදාළ සැකකරු වැලිගම
ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ මොහු විසින් ආරම්භ කර තිබූ ගිණුම්
විවිධ පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්වල සඳහන් නම් හා අංකවලට පවත්වාගෙන ගොස් ඇති බවය. එම
හැඳුනුම්පත් මොහු විසින් සොරකම් කර ඇති බව සඳහන් කරන පොලිසිය අත්අඩංගුවට ගන්නා විටදීත් ඔහු
සන්තකයේ තිබී සොයාගත් ජාතික හැඳුනුම්පත් 6ද එලෙස සොරකම් කරන ලද ඒවා බව කියයි.
මෙලෙස මොහුට රැවටුණු විවිධාකාර පුද්ගලයන් ඔවුන්ගේ නම්වලට විවෘත කරන ලද ගිණුම් හේතුවෙන් විවිධ
දුෂ්කරතාවලට පත්ව තිබූ අතර මේ සම්බන්ධයෙන් එම පිරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා
තිබේ.
ලෙස ප්‍රශ්න කරගෙන යන බව රහස් පොලිසිය කියයි.
මේ අතර මේ පිළිබඳ අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා
සඳහන් කළේ කිසියම් අයකු මෙම පුද්ගලයාගේ වංචාවට හසුවී ඇත්නම් හෝ මේ ආකාරයට අත්තිකාරම් මුදල්
තැන්පත් කර ඇත්නම් වහාම රහස් පොලිසියේ අධ්යක්ෂවරයාගේ දුරකථන අංකය වන 0718591753ට
දන්වන ලෙසය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කීර්ති මෙන්ඩිස්, චාමර අමරසූරිය
0 Comments