විද්‍යෝදය විශ්වවිද්‍යාල විභාග අංශයට අනුබද්ධ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මගින් පවත්වනු ලබන
ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට මෙවර 93 හැවිරිදි සිවු දරු මවක් පෙනී සිටීම විශේෂ
සිද්ධියකි.
විභාගය මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී ඊයේ (7) සහ පෙරේදා (6) දිනවල පැවැත්විණි.
වර්ෂ 1928දී මෙලොව එළිය දැක තිබෙන මෙම මව මේ වන විට මී මුණුපුරන් ද දැකීමට තරම් වාසනාව
හිමිකරගෙන තිබෙන අතර දැනට නාවලපිටිය, මිල්ලෑව ප්‍රදේශයේ බාල දියණියගේ නිවෙසේ පදිංචිව සිටියි.
නොතාරිස්වරියක් වශයෙන් වසර 60කට අධික කාලයක් කටයුතු කොට
භාවිත නොකොට තනිවම තම කටයුතු සියල්ල කර ගනිමින් සතුටින් තම ජීවිතයේ සැඳෑ සමය ගත කරන
විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව සඳහන් කරන්නේ ලබාගත් ජීවිතය ප්‍රයෝජනවත් ලෙස ගත
කිරීම තම අරමුණ බවත් විශේෂයෙන් කාන්තාවන් පසුබට නොවී ඉදිරියට පැමිණ ශක්තිමත්ව ජීවිතයට මුහුණදිය
යුතු බවත් ය.
මෙරට විශ්වවිද්‍යාලයක කලා උපාධිය හා සමාන මෙම විභාගය සමත් වීමෙන් පසු තමන්ට කැලණිය
විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලැබෙන බවත් මියයන්නට පෙර එම විභාගය
ද සමත්වීම තම අරමුණ බවත් ඇය කීවා ය.
ඉංග්‍රීසි ගුරුවරියක හා නොතාරිස්වරියක ලෙස විශ්‍රාම සුවයෙන් සිටින ඇයගේ වැඩිමහල් දියණිය බස්නාහිර
පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය ලෙසත් දෙවැනි දියණිය ඕස්ට්‍රේලියාවේ මහාචාර්යවරියක ලෙසත් තුන්
වැනි හා සිවුවැනි දියණිය උපාධි ලබා මෙරට රජයේ රැකියාවකත් නිරතව සිටී.
තම ජීවිත කාලය තුළ මෙතරම් වයෝවෘද්ධ කාන්තාවක් විභාගයකට පෙනී සිට නොමැති බවත් ඉහළ මහලට
නැගීමට නොහැකි නිසා මෙම මාතාවට පිළිතුරු ලිවීම සඳහා පහත මහලයේ ස්ථානයක් සූදානම් කර තිබූ
බවත් විභාගශාලා භාරකරු ලෙස කටයුතු කළ ලසිත් මාවිල්මඩ මහතා පැවසීය.
(කේ.එල්. සුරවීර-මහනුවර, නීටා පත්ම කුමාරි-නෝර්වුඩ් )
0 Comments