nevil fernando hospital

මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ සියලූම සේවක සේවිකාවන්ගේ දෙමව්පියන් හට අද (25) දින කොරෝනා එන්නත ලබාදෙන බවට දන්වා තිබූ අතර නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට පැමිණෙන ලෙස දන්වා තිබුණි.


ඒ අනුව රෝහල් සේවක සේවිකාවන්ගේ දෙමව්පියන් 500 ක් පමණ දහවල් වනවිට රෝහල් භූමියට පැමිණ තිබේ. නමුත් අද දින පාලනාධිකාරිය දන්වා ඇත්තේ ඊයේ දින අමාත්‍යාංශ කාර්යමණ්ඩලය සඳහා කොරෝනා එන්නත් ලබාදී ඇති බැවින් ඒවා අහවරවූ බවත් සේවක සේවිකාවන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ඉතිරිව ඇත්තේ එන්නත් 50  පමණක් බවත්ය.
මේ නිසා පැමිණ සිටි පිරිස අපහසුතාවයට පත්වී උණුසුම් තත්වයක් නිර්මාණයවී ඇත.
ඊයේ දින ඉතා අක්‍රමවත් ලෙස කිසිදු විනිවිද භාවයකින් තොරව අමාත්‍යංශ සේවකයන් හා ඔවුනගේ අලගිය මුලගිය ඥාතීන් මිතුරන් ඇතුලූ විශාල පිරිසකට එන්නත් ලබාදී ඇති බැවින් මෙම තත්වය උද්ගතවූ බව විවේචකයින්ගේ අදහසයි.
 රෝහල් ශාඛාවේ සියලූ සේවක සේවිකාවන් සහ දෙමව්පියන් මේ නිසා දැඩි අපහසුතාවයකට පත්වීම නිසා මේ වනවිට සේවක සේවිකාවන් වහාම විසඳුමක් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලැඹ ඇත.