මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද (04) අභාවප්‍රාප්ත විය.
මිය යනවිට ඔහු 89 හැවිරිදි වියේ පසුවූයේය. ඒ මහතා මාලඹේ සයිටම් පෞද්ගලික සරසවියේ නිර්මාතෘවරයා වන අතර කොරෝනා ප්‍රතිකාර සඳහා ළඟදී ලබාදුන් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකරු වන්නේ ද, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාය.
ඒ මහතා හිටපු (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ශ්‍රී ලංකාවේ පළවෙනි විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ පානදුරේ මන්ත්‍රී ධුරය හෙබවූයේ ප්‍රනාන්දු මහතාය.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඉකුත් 2 වැනි දින කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඔහු ඇතුළත් කර තිබූ අතර, රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෙතෙම අද අභවප්‍රාප්ත වූයේය.
0 Comments