COVID-19 වෛරසයට එරෙහිව එන්නතක් නිපද වූ බ්‍රිතාන්‍ය-ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Astrazeneca සමාගම සහ යුරෝපා සංගමය අතර පැවැති සැපයුම් ලබා නොදීමේ අර්බුදය පසුගිය දින දෙකේදී වඩාත් දරුණු වූ බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම එන්නත් හිමි නොවීමෙන් යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යයන් තුළ එන්නත්කරණ වැඩසටහනට අර්බුද මතුව තිබුණි. එහිදී චෝදනා ඉදිරිපත් කර තිබූ යුරෝපා සංගමයේ ප්‍රධාන සාමාජික රාජ්‍යයන් වන ප්‍රංශය සහ ජර්මනිය AstraZeneca සමාගම යුරෝපා සංගමය ඇණවුම් කර ඇති එන්නත් ලබානොදී බ්‍රිතාන්‍ය වෙත එන්නත් ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද අනතුරු අඟවා තිබුණි.
යුරෝපා සංගමය සහ මෙම සමාගම අතර ඇති කරගත් එකඟතාවට අනුව අදාළ එන්නත් ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 407.8ක අතිකාරකමක් ලබා දීමට නියමිතව තිබී ඇත. එහෙත් 'පවතින තත්ත්වයත් සමග එම මුදල් සම්පුර්ණයෙන්ම ගෙවීමටද යුරෝපා සංගමය පියවර ගෙන නැත. එම සමාගම විසින් යුරෝපා සංගමයට ලබාදීමට නියමිතව තිබූ එන්නත් මාත්‍රා මිලියන 80ක් මිලියන 31ක් දක්වා අඩු කිරීමටද කටයුතු යොදා තිබිම මෙම තත්වය ඇති වීමට හේතුව විය. ඒ අනුව අදාළ සමාගමට සිය නිෂ්පාදන කටයුතු බ්‍රිතාන්‍යයේ සිට යුරෝපා සංගමය වෙත මාරු කරවන ලෙසද එම සංගමය මගින් දැනුම් දී තිබුණි.
මේ අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් පෙරේදා දිනයේදී අදහස් දක්වා ඇති යුරෝපා කොමිසමේ ප්‍රධානී උසුලා වොන් ඩෙර් ලෙයෙන්, Astrazeneca සමාගම හා ඇති කරගත් එකඟතාවකට අනුව ඔවුන් පසුගිය සතියේදී ලබාදීමට පොරොන්දු වු එන්නත් ප්‍රමාණයට වඩා 30%ක ප්‍රතිශතයක් ලබාදීමට පොරොන්දු වී ඇතැයි පවසා තිබේ. "සමාගම අපට පොරොන්දු වුණා, වඩා එන්නත් මිලියන 9ක් ලබාදෙන්න එකඟ වෙලා තිබෙනවා. මේ එන්නත් යොදාගෙන ඉතිරී එන්නත්කරණ කටයුතු සැලසුම් කළ දිනයට සතියකට පෙරදීම ආරම්භ කිරීමට අපට හැකිවේවි" යනුවෙන් ඇය සඳහන් කර ඇත.
ඒ අනුව පෙබරවාරි 02 වැනි සතියේදී පමණ මෙම එන්නත් සැපයුම් යුරෝපා සංගමය වෙත හිමි වනු ඇති බවත්, ඒ අතරතුරදීම Astrazeneca සමාගම යුරෝපය තුළ සිදු කරන සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමටත් කටයුතු කරනු ඇති බවත් කොමිසම් ප්‍රධානියා පවසා තිබේ.
0 Comments