palmadulla-covid19

පැල්මඬුල්ල, පාතකඩ, දේවාලේගම නිවෙසක වූ දැරියක් වැඩිවියට පත්වීමේ උත්සවයකට ආ කොරෝනා
රෝගීන් අටදෙනකු හේතුවෙන් විශාල පිරිසක් නිරෝධායනයට යොමු කර තිබේ.





ඉකුත් 13 වැනිදා ලද පී.සී.ආර්. පරීක්‍ෂණ අනුව මේ බව හෙළි විය. ඉන් කොරෝනා ආසාදිතයන්
පස්දෙනකු පැල්මඬුල්ල, රිල්හේන ප්‍රදේශයෙන්ද එක් අයකු බොරාල ප්‍රදේශයෙන්ද, දෙදෙනකු සකිකන්ද
ගමෙන්ද වර්තා වන බව පැල්මඬුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

දැරියක් වැඩි වියට පත්වීම නිමිත්තෙන් මෙම ප්‍රියසාදය පසුගිය 04 වැනිදා පවත්වා ඇත්තේ මහජන
සෞඛ්‍ය පරීක්‍ෂකවරු දැනුවත් නොකර බවද පැල්මඬුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මේ වනවිට එම උත්සවයට සහභාගි  වූ පළමු පෙළ ආශ්‍රිතයන් විශාල පිරිසක් නිරෝධායනය කරමින් පවතින
බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරු පවසති. මේ මොහොතේ වගකීම් සහගත ලෙස කටයුතු කරන
මෙන් පැල්මඬුල්ල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කරති.

ගෙවී ගිය දෙදිනක් තුළදී පැල්මඬුල්ල කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 18 දෙනකු වාර්තා වී තිබේ.

කහවත්ත - එල්. නිරෝෂණ