පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට යොදා ගත්තේ යැයි
පවසන මේ වන විට පොලිසියට හමුවී තිබෙන ගිනි අවිය සහ යතුරුපැදිය ඒ සඳහා යොදාගත් ඒවා නොවන
බවට සැක කරන තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් මස 25 වැනි දින ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පානදුර වලාන ගැමුණු මාවතේ පදිංචිව
සිටි ලක්ෂාන් සඳකැලුම් (32) නමැත්තාට වෙඩි තබා ඝාතනය කර තිබිණි.
සිදු වූ ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති
ඒ අනුව ගල්කිස්ස පොලිස් කොට්ඨාස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඝාතනය සඳහා පැමිණි
වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන පානදුර ගඟුල විජයවර්ධන මාවත පදිංචි අනුජ
උමයංග ගාමිණී අබේසිංහ ජයතිලක (24) නමැත්තා මෝටර් රථයක ගමන් කරමින් සිටියදී පානදුර හිරණ
පාරේ විහාරස්ථානයක් අසලදී හොරොයින් මත්කුඩු සමඟ 28 වැනි දින අත්අඩංගුවට ගෙන තිබිණි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මුදල් භාරව සිටින
පුද්ගලයා බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වන විට සැඟවී සිටින බව එම පොලිස් නිලධාරියා
පැවැසීය.
ඝාතනය සඳහා යොදාගත් බව කියන ටී 56 ගිනි අවිය පානදුර ව¾දුරාමුල්ල ප්‍රදේශයේ සුසාන
භූමියක කැලෑවක් තුළ දිරාගිය ලී කොටයක් යට සඟවා තිබියදී ඉකුත් 28 වැනි දින ජීව උණ්ඩ 16ක් සමඟ
සොයා ගනු ලැබුවේද?
ඊට දින 2කට පසු (30දා) බොල්ගොඩ ගඟේ උෟරකඩුව තොටුපළ ආසන්නයේ වෙඩික්කරුවන් ඝාතනයට
පැමිණි යතුරුපැදිය තිබෙන බවට තොරතුරු ලබා දුන්නේද ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ පොලිස් නිලධාරීන්
කණ්ඩායමක් විසිනි.
එම පොලිස් නිලධාරීන් නාවික හමුදා කිමිඳුම්කරුවන් සහ පොලිස් ජීවිතාරක්ෂක කිමිඳුම්කරුවන් යොදවා ගිල්වා
තිබෙන බව කියන යතුරුපැදිය දින දෙකක් තිස්සේ සොයා මෙහෙයුම් කළද සොයාගත නොහැකි වීමෙන්
අනතුරුව පානදුර දකුණ පොලිසියේ පොලිස් සැරයන්වරයකු ප්‍රදේශවාසීන් තිදෙනකු සමඟ බොල්ගොඩ ගඟේ
කිමිඳී එම යතුරුපැදිය සොයා ගැනිණි.
නමුත් සොයාගත් එම යතුරුපැදිය මීට මාසෙකට, හමාරකට පමණ ඉහතදී පානදුර ප්‍රදේශයේ තමන්ගේ
නැතිවුණු යතුරුපැදිය බවට පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු විසින් හ¾දුනාගෙන ඇතැයිද? එම යතුරුපැදිය
සී සී 135 එන්ජින් ධාරිතාවයෙන් යුක්ත බවත් වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සී සී 150 හෝ 185
එන්ජින් ධාරිතාවයෙන් යුක්ත එකක් බවත්
වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදියේ තිබූ සලකුණු කිසිවක් මෙම යතුරුපැදියේ නොමැති බවත් මේ වනවිට සිදුකළ
විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පානදුර ප්‍රදේශයේදී නැති වූ යතුරුපැදියේ හිමිකරුගෙන් ප්‍රකාශද ලබාගත් බවත් ඊට අමතරව බොල්ගොඩ
ගඟේ යතුරුපැදිය ගොඩගත් අවස්ථාවේදී එහි අලවා තිබූ නිෂ්පාදන සමාගමේ බාර් කෝඩ් අංකය සඳහන්
ස්ටිකරය ඔස්සේ එම සමාගමෙන් ද තොරතුරු විමසා ඇති බවත් ඊට අමතරව රජයේ රසපරීක්ෂක වෙතද
මෙම යතුරුපැදිය යොමු කිරීමට කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
දැනට සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහෝදරයෙක් යතුරුපැදි නවීකරණය
කිරීම, අලෙවි කිරීම ආදී ව්‍යාපාරයක් සිදුකරන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස් නිලධාරීන් නොමඟ යැවීම සඳහා සොරා ගත් යතුරුපැදියක ඉන්ධන ටැංකිය සහ අසුන ද ගලවා එහි
ඇන්ජින් අංක හා චැසි අංක ද මකා දමා මෙලෙස බොල්ගොඩ ගඟට දමන්නට ඇතැයි බොහෝ දුරටත්
සැක කරන බව උසස් පොලිස් නිලධාරියා පැවැසීය.
දැනට අත්අඩංගුවේ පසුවන සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් භාරව සිටින
තැනැත්තාගෙන් දින හතක රැඳවුම් නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් නිලධාරියා
වැඩිදුරටත් පැවැසීය. මීට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් ඝාතනයට පැමිණි වෙඩික්කරුවන්
සොයා ප්‍රදේශ කීපයක් වෙත පිටව ගොස් ඇතැයිද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ ඍජු
අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වේ.
කීර්ති මෙන්ඩිස්, කොළඹ - ජයසිංහ
0 Comments