pavithra-wanniarachchi-covid19

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා රෝගය ආසාදනය වූයේ ජනවාරි 22 වනදාය. ඒ අනුව අද පෙබරවාරි 13 වනවිට දින 22 කි.
ඇයට සිදුවූයේ කුමක්ද? ඇයට රෝගය උත්සන්නවූ බවට පළවූ වාර්තා ඉන්පසු යාවත්කාල නොවුනේ ඇයි? යන්න ඇය සෞඛ්‍ය ඇමතිනිය වීම නිසාම කථාබහට විෂය වන මාතෘකාවකි.


මුලින් කොග්ගල හෝටලයක සිටිමින් නිරෝධායනය වෙමින් සිටි ඇය පසුව බොරලැස්ගමුවේ පිහිටි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ ප්‍රතිකාර ලැබුවාය. අනතුරුව රෝගය වැළඳී සතියකින් 29 වනදා කොළඹ අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව පැවසිණි. ඇයට රෝගය සංකීර්ණවූ බවට කරුණු පළවුවද ඇතැම් වෙබ් අඩවි මගින් ඇය අයිඩීඑච් රොහලේ සිටියේ ටික දවසක් බවත් වෙන්ටිලේටර් ගළවාගෙන ගෙදර ගොස් ඇති බවටත් වාර්තා පළ කළමුත් සෞඛ්‍ය ඇමතිගේ මාධ්‍ය අංශය ඒ පුවත ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබුණි.
ඉන්පසු දින ගණනාවක් යනතුරු ඇය ගැන හාංකවිසියක් නැත. ඇය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී උත්තර දෙන්න ගියේ රාජ්‍ය ඇමතිනී සුදර්ශනීය.


කෙසේ වෙතත් ඊයේ 12 වනදා අයිඩීඑච් රෝහලේ කොවිඩ් රෝග ප්‍රතිකාර අංශයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝග තත්ත්වය සුව අතට පත්වීම නිසා  සාමාන්‍ය ප්‍රතිකාර වාට්ටුවකට යොමුකර ඇති බවට පුවත්පතක් මගින් වාර්තා කර තිබුණි.