pcr test

පී.සී.ආර්.පරික්ෂණ සඳහා රජය විසින් දෛනිකව මිලියන 60කට ආසන්න මුදලක් වැය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ හෙතෙම මේ බව සඳහන් කර සිටියේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නව පී.සී.ආර්. යන්ත්‍ර දෙකක් සහිත වෛද්‍ය රසායනාගාර පර්යේෂණ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (16)දා එක්වෙමිනි.ඒ අනුව එහිදී වැඩිදුන්ටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂක ජනරාල්වරයා,
 
"කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භයේ සිට මේ දක්වා ප්‍රාදේශීයව පී.සී.ආර්.පර්යේෂණ ධාරිතාව ඉහළ නංවා තිබෙනවා. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා අතිවිශාල මුදලක් වැය කරනවා. දිනකට මෙරට පී.සී.ආර්.පෙර්යේෂණ 15,000-20,000 අතර ප්‍රමාණයක් සිදුකරනවා.

පෞද්ගලික අංශයෙන් 4000-5000 පමණ සිදුකරනවා. පි.සි.ආර්. පරික්ෂණ සඳහා රජය ජනතාවගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. පෞද්ගලික අංශයෙන් එක පී.සී.ආර්. පරික්ෂණයකට රුපියල් 5000ක් 6000ක් අය කරනවා. රජය දෛනිකව සාමාන්‍යයෙන් මිලියන 60කට ආසන්න මුදලක් පී.සී.ආර් පරික්ෂණ සදහා වැය කරනවා.ජනතාව නියමිත සෞඛ්‍ය පුරුදු පිළිපදින්න, අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින්න. අප සියලුදෙනා රට බේරාගන්න නම් කැපවීමක් සිදුකළ යුතුයි. සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැතිනම් අපට සිදුවෙනවා නීතිරිති දැඩි කරන්න.ඉන්දියානු රජයෙන් ලැබුණු ලක්ෂ 05ක එන්නත් ප්‍රමාණය ගිය ඉරිදා වනවිට සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට එන්නත් කළා. ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ හඳුනාගත් විශේෂිත කණ්ඩායම්වලට දැන් ලබාදීමට කටයුතු කරගෙන යනවා.කොළඹ දිස්ත්‍රික්කයේ මහනතාවටඑන්නත ලබාදීමට පටන්ගත්තා. රජයෙන් ගන්න එන්නත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ලැබුණු විගස නිසි ක්‍රමවේදයකට අනුව මහජනතාවට ලබාදීමට බලාපොරොත්තු වෙනවා" යැයිද සඳහන් කළේය.

හොරණ වාසනා බේකර්ස් පෞද්ගලික සමාගමේ ධන පරිත්‍යාගයෙන් හා සෞඛ්‍ය සුව සරණ අරමුදලේ මුල්‍ය පරිත්‍යාගයෙන් ස්ථාපිත මෙම පී.සී.ආර් යන්ත්‍ර රුපියල් මිලියන 20ක පමණ වටිනාකමකින් යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසිය.

 (නිදර්ශනී වික්‍රමසිංහ)