පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 08 දෙනෙකු කොවිඩ් 19 වෛරසය
ආසාදනය වී ඇති බවට සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බව පළාත් සෞඛ්‍ය
දෙපාර්තමේන්තුව කියයි.
මීට පෙර එම පීඨයේ එක් සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර එම සිසුවාගේ ආශ්‍රිතයන් 48
දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව සිදුකල පි.සි.ආර්. පරීක්ෂණවලදී සිසුන් අටදෙනාට වෛරසය
ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් පොල්ගොල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා
යොමු කොට තිබේ .
එම සිසුන් අට දෙනාගේ ආශ්‍රිතයන් 250 දෙනකු නිරෝධායනයට ලක් කොට ඇති බවද සෞඛ්‍ය අංශ කියයි .
ෂේන් සෙනෙවිරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval